ටයර් කර්මාන්තය සඳහා පුද්ගලික අංශයට අංග සම්පූර්ණ පර්යේෂණ පහසුකම් ලබා දීමට රුපියල් මිලියන 500 ක් අයවැයෙන් වෙන් කරයි

    March, 5, 2019

    අද (05)  දින අයවැය 2019 යෝජනා ඉදිරිපත් කරමින් ටයර් කර්මාන්තය සඳහා අංග සම්පූර්ණ පර්යේෂණ පහසුකම් ලබා දීමට රුපියල් මිලියන 500 ක් වෙන් කරනු ලබන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේය.

    “රට තුළ ටයර් නිෂ්පාදනය සහ රබර් ආශ්‍රිත කර්මාන්ත සඳහා අවශ්‍ය රබර් කිරි හිඟකම ප්‍රධාන ගැටළුවක් වී පවතිනවා. මේ සඳහා රබර් අලුතින් වගා කිරීම හා නැවත වගා කිරීම සඳහා අවශ්‍ය දිරිගැන්වීම් දෙගුණ කරමින් රුපියල් මිලියන 800 ක් වෙන් කර තිබෙනවා.“

    “වර්තමානයේ දේශීය ටයර් නිෂ්පාදනයේ නියුතු නිෂ්පාදකයින්ට එම නිෂ්පාදන පරීක්ෂා කිරීම සහ ස්වයං නිෂ්පාද මූලාකෘති ලෙස ඉදිරිපත් කිරීමට පහසුකම් නොමැත. එම තත්ත්වය සැලකිල්ලට ගෙන අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ පෞද්ගලික අංශයට අවශ්‍ය අංග සම්පූර්ණ පර්යේෂණ පහසුකම් ලබා දීමට රුපියල් මිලියන 500 ක් වෙන් කරනු ලබනවා. “