March, 5, 2019
මීට සුළු මොහොතට පෙර මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතාව කරමින් සේවකයින් 250 ට වැඩි සංඛ්‍යාවක් සහිත වාණිජ ආයතනවල ළමා සුරැකුම් පහසුකම් සහිත මධ්‍යස්ථාන ඉදිකිරීම දිරිමත් කරනු ලබන බව කියා සිටියේය.
“විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවෙන් සියයට 50 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිසුවියන් වීම පිළිබඳව අප ආඩම්බර වුව ද, ශ්‍රම බලකායේ කාන්තා දායකත්වය සියයට 30 ක් පමණ වේ. ඒ නිසා ඔවුන් මූල්‍යමය වශයෙන් යැපෙන්නන් මෙන්ම සමාජයේ බල නොගැන්වූ කොටසක් බවට පත් වී තිබෙනවා.“
“ළමා හා වැඩිහිටියන් සුරැකීමේ පහසුකම්වල පවත්නා ඌනභාවය හා අනම්‍ය කම්කරු නීති පැනවීම හේතුවෙන් කාන්තාවන් කිසිදා ශ්‍රම බලකායට එක්නොවීම හෝ ශ්‍රම බලකායට එක් වූ අය හැර යාමට හේතු වී තිබෙනවා.“
“ඒ අනුව සේවකයින් 250 ට වැඩි සංඛ්‍යාවක් සහිත වාණිජ ආයතනවල ළමා සුරැකුම් පහසුකම් සහිත මධ්‍යස්ථාන ඉදිකිරීම දිරිමත් කරනවා.“
“එසේම පාසල් වෙලාවෙන් පසුව හා නිවාඩු දිනවල දී දරුවන් රැක බලා ගන්න මධ්‍යස්ථාන තෝරා ගත් පාසල්වල ගොඩනැගීමට ආධාර ලබා දෙනවා. එම පහසුකම් ස්ථාපිත කිරීම සඳහා එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ‘රැකවරණ සහන ණය යෝජනා ක්‍රමය‘ මගින් පුද්ගලික අංශයට ද ණය පහසුකම් ලබා දීමට කටයුතු කරනවා.“
Video Story