March, 5, 2019
අපොස උසස් පෙළ සඳහා තුන් ලක්ෂයක සිසු පිරිසක් පෙනී සිටින බවත්, එයින් රජයේ විශ්වවිද්‍යාල වෙත පිවිසෙන්නේ මෙයින් සෑම වසරකම 30,000 ක ප්‍රමාණයක් බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීම මහතා පවසයි.
අද දින 2019 අයවැය කතාව කරමින් මුදල් අමාත්‍යවරයා මෙහිදී යෝජනා කළේ මෙලෙස උසස් පෙළ විභාගය සමත්ව රාජ්‍ය විශ්ව විද්‍යාල වරම් නොලද සිසුන් සඳහා රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලවල උපාධි හැදෑරීමට “My Future” නමින් ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනු ලබයි.
මේ අනුව රුපියල් ලක්ෂ 11 ක පොළී රහිත ණය මුදලක් ලබා දෙන අතර වසර දෙකක සහන කාලයක් සහිතව වසර 12 කින් ගෙවිය හැකි පරිදි මෙම ණය දෙනු ලැබේ.
මේ සඳහා මෙම වසරේ දී රු. මිලියන 200 ක් පොළී සහනාධාර සඳහා වෙන් කරනු ලබන බව මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Video Story