ලැයිස්තුගත සමාගම්වල කාන්තා නියෝජනයට නව නීති

    March, 5, 2019

    සංස්ථාපිත මණ්ඩලයන්හි කාන්තා නියෝජනය දිරිමත් කිරිම සඳහා යෝජනා කිහිපයක් මෙවර අයවැයෙන් ඉදිරිපත් වී තිබේ. ඒ අනුව සංස්ථාපිත මණ්ඩලවල අනිවාර්යය කාන්තා නියෝජනය හදුන්වාදීම සඳහා යෝජිත පෙළගැස්ම පහත පරිදි වේ.

    1. කොළඹ කොටස් වෙළදපොලෙහි ලැයිස්තුගත සියළුම සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලයන්හි කාන්තා නියෝජනය සියයට 30 ක් විය යුතු බවට ශී‍්‍ර ලංකා සුරකුම්පත් කොමිෂන් සභාව විසින් ස්වෙච්ඡා ඉලක්කයන් හඳුන්වා දෙනු ඇත. සියළුම ලැයිස්තුගත සමාගම් තම අධ්‍යක්ෂ මණ්ඩලයන්හි කාන්තා නියෝජනය ඔවුන්ගේ වාර්ෂික වාර්තාව අනාවරණය කළ යුතුයි.
    2. 2020 දෙසැම්බර් 31 වන විට සියයට 30 ක ඉලක්කය සපුරාගත නොහැකිවන සියළුම ලැයිස්තුගත සමාගම් එසේ නොහැකිවීම පිළිබඳව හේතු අනාවරණය කළ යුතුය.
    3. 2022 දෙසැම්බර් 31 වන විට සියළුම ලැයිස්තුගත සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වල ින් අවම වශයෙන් සියයට 20ක් වත් කාන්තාවන් විසින් දැරිය යුතුයි.
    4. 2024 දෙසැම්බර් 31 වන විට සියළුම ලැයිස්තුගත සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවලින් අවම වශයෙන් සියයට 30ක්වත් කාන්තාවන් විසින් දැරිය යුතුයි.