March, 5, 2019
2019 ජූනි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ගුවන් ගමන් බලපත්‍රවල වෙනස්කම් සිදුකිරීම සඳහා වන ගාස්තු සහ නව බලපත්‍ර නිකුත් කිරීම සඳහා වන ගාස්තු සංශෝධනය කර තිබේ.
ඒ අනුව ගමන් බලපත්‍රවල වෙනස්කම් සිදුකිරීම සඳහා දැනට අයකරනු ලබන ගාස්තුව රු. 500 සිට රු. 1,000 ක් දක්වා වැඩි කර ඇත.
මීට අමතරව සාමාන්‍ය සේවාව යටතේ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ දැනට පවතින ගාස්තුව රු. 3,000 සිට රු. 3,500 ක් දක්වාද, එක්දින සේවය යටතේ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ ගාස්තුව රු. 10,000 සිට රු. 15,000 ක් දක්වා ද මෙවර අයවැය යෝජනා අනුව ඉහළ දමා තිබේ.
Video Story