March, 6, 2019
අන්තර්ජාලය ඔස්සේ හෝටල් පහසුකම් වෙන්කරවා ගැනීමේ ක්‍රමවේදයෙහි ඇති වාසි පිළිගන්නා අතරේ සංචාරක ක්ෂේත්රයේ නිරත කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ක්‍රමයෙන් විධිමත් ආර්ථික ක්‍රියාවලියට අවතීර්ණ කරවීමේ අවශ්‍යතාව රජය අවබෝධ කරගෙන සිටින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය අයවැය කතාවේ දී කියා සිටියේය.
ඒ අනුව, 2020 අපේ‍්‍රල් මස 01 දිනෙන් පසුව අන්තර්ජාලය ඔස්සේ නවාතැන් පහසුකම් වෙන් කිරීමට අවසර ලබාදෙන්නේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කාමර 05 කට වඩා වැඩි හෝටල් හා එවැනි පහසුකම් ඇති විධිමත් ආයතන සඳහා පමණක් වන අතර මෙම කටයුත්ත පහසු කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් සරල කිරීමට මෙවර අයවැයෙන් යෝජනා වී ඇත.
මේ අතර සංචාරක කර්මාන්තයේ පවත්නා ආවේණික පිරිවැය හඳුනාගනිමින් සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) ලියාපදිංචි හෝටල් සඳහා වන විදේශ ව්‍යවහාර මුදල් ලැබීම් මත පනවා ඇති ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කිරීමට මෙවර අයවැයෙන් යෝජනා වී තිබේ.
තවද සංචාරක නියෝජිතයන් විසින් එක්සත් ජනපද ඩොලර් අගයෙන් නිකුත් කරන ඉන්වොයිස් සඳහා එම මුදලින්ම ගෙවීම් කිරීම අනිවාර්යය කිරීමට යෝජනා වී ඇති අතර මේ සඳහා අවශ්‍ය වන්නා වූ මාර්ගෝපදේශ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කිරීමට නියමිතය.
Video Story