March, 6, 2019
2019 අයවැයෙන් වාහන බදු අතිශය ලෙස වැඩි කර ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පවසයි. අයවැය පිළිබඳ සම්බන්ධයෙන් විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසන්නේ රේගු බද්දට අමතරව සුඛෝපභෝගී බද්දක් හඳුන්වා දී ඇති බවත්, මෙහිදී වටිනාකම ගණනය කරන ආකාරය පිළිබඳව තවම නිශ්චිත තීරණයක් නොමැති බවත්ය.
මේ අතර වැගන් ආර් රථයක් ලක්ෂ 2 ½ කින්, ඇල්ටෝ ලක්ෂ 1 ½ කින්, ඇක්සියෝ, ඇක්වා ලක්ෂ 6 කින්, CH-R ලක්ෂ 6 කින් හා ප්‍රීමියෝ ලක්ෂ 7 කින් පමණ ආසන්න වශයෙන් මෙවර අයවැය හේතුවෙන් මිල වැඩිවන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙවර අයවැයෙන් වාහන මිල ගණන් වෙනස් වන ආකාරය පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.

Video Story