මහ බැංකුවේ වෝහාරික විගණනයට ඉන්දියාවේ BDO හා ශ්‍රී ලංකාවේ KPMG තෝරා ගනී

    March, 7, 2019

    ශ්‍රී ලංකා මහ බැංකුවේ වෝහාරික විගණන කටයුතු සඳහා සුදුසු ගෝලීය පරිචයක් සහ ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත ආයතනවල සේවය ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබේ.

    ඒ අනුව සිදුකරන ලද තාක්ෂණික යෝජනා ඇගයීමේ හා මූල්‍ය යෝජනා ඇගයීමේ ප්‍රතිඵල මත අමාත්‍ය මණ්ඩල උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි තෝරා ගන්නා ලද ඉන්දියාවේ BDO India LLP සහ KPMG Sri Lanka සමාගම වෙත අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.