March, 7, 2019
2015 වසරේ දී රු. 11,730 ක්ව පැවති පහළ මට්ටමේ රජයේ නිලධාරියෙකුගේ වැටුප 2020 වසර වන විට රු. 24,250 ක් දක්වා වැඩි වී ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය අයවැය කතාවේ දී කියා සිටියේය.
මෙහිදී හෙද වැටුප් රු. 15,620 සිට රු. 32,525 ක් දක්වා ද, උපාධිධාරී ගුරු වැටුප් රු. 16,100 සිට රු. 33,300 දක්වා ද, ලේකම් වැටුප් රු. 47,515 සිටරු. 98,650 දක්වා ද වැඩි වී ඇති බව මේ සම්බන්ධයෙන් පළ කර ඇති සටහනක සඳහන් වේ.
අයවැය කතාවේ දී මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.
“රාජ්‍ය සේවකයන්ගේ වැටුප් 1:4.07 අනුපාතය පවත්වා ගනිමින් රුපියල් 10,000 ක මාසික අන්තර්කාලීන දීමනාව සහ විශේෂිත දීමනාව මූලික වැටුපට එකතු කර අදියර පහක් යටතේ 2016 සිට 2020 දක්වා එය ලබා දීමට අපගේ රජය 2016 දී පියවර ගනු ලැබුවා. එහි ප‍්‍රථිඵලයක් ලෙස අදාල කාලය තුල රාජ්‍ය අංශයේ වැටුප සියයට 107 කින් වැඩි වුනා. මේ සඳහා 2019 විසර්ජන පනතින් රු. බිලියන 40 ක් වෙන් කර ඇත. ඒ අනුව, පහළ මට්ටමේ රජයේ නිලධාරීන්ගේ වැටුප 2015 දී රුපියල් 11,730 සිට 2020 දී රුපියල් 24,250 දක්වා වැඩි වනු ඇත.“
“අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරන ලද විශේෂ වැටුප් කොමිෂමේ වර්තාව, ඒ පිළිබඳව පත් කළ තාක්ෂණික කමිටුවේ නිර්දේශ නිකුත් කළ පසුව ක‍්‍රියාත්මක කරනු ඇත. එබැවින් 2019 ජූලි මස 01 දා සිට ක‍්‍රියාත්මක වන පරිදි රජයේ සේවකයින්ට අන්තර්කාලීනව රුපියල් 2,500 ක මාසික දීමනාවක් ගෙවීමට යෝජනා කරනවා.“

Video Story