March, 7, 2019
2019 වර්ෂයෙහිදී ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ අරමුණ පෙරදැරිව ලෝක බැංකු සමුහයේ සමාජිකයකු වන ජාත්‍යන්තර මුල්‍ය ආයතනය (IFC) හා කොළඹ කොටස් හුවමාරුව එක්ව අබණ්ඩව සතරවන වසරටත් සීනුව නාද කොට ගනුදෙනු ආරම්භ කිරීම කොළඹ කොටස් හුවමාරුව තුල අද දින සිදු කරනු ලබයි. විශේෂයෙන්ම මෙම සබදතාවය තුලින් ගෝලීය ආර්ථිකය සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය සඳහා කාන්තා සහභාගීත්වය දිරිමත් කිරීමට සහ ඒ සදහා පෞද්ගලික අංශය පෙළඹවීමේ ඇති වැදගත්කම මෙහිදී පෙන්නුම් කරනු ලබයි.
කාන්තා සහභාගීත්වය දිරිමත් කිරීම තුලින් කාන්තා කුසලතාව, ඉහල ඵලදායීතාවය සහ දක්ෂතාවය යන සම්පත්වල දියුණුවක් අත්පත්කරගැනීමට හැකිවන බව පෞද්ගලික අංශය හදුනාගෙන ඇති අතර එහි නමුදු ප්‍රගතිය තවමත් මන්දගාමී වේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) ගණනය කිරීම්වලට අනුව කාන්තා ශ්‍රමයේ දායකත්වය ඉහළ නැංවීම තුලින් දළ දේශීය නිෂ්පාදනය 20%කින් වර්ධනය කරගැනීමට සහ රටේ ඵලදායීතාවය නංවාලීමට හැකි වන බව පෙන්නුම් කෙරේ. ඒ අනුව ව්‍යාපාර සහ වෙළෙඳපොළවල් සිය ක්‍රියාපටිපාටීන් ක්‍රමානුකුලව ක්‍රියාවට නැංවීම සහ ප්‍රතිපත්ති වෙනස්කම්වලට පරිවර්තනය කිරීමට කාලය පැමිණ ඇති බව මෙමගින් තහවූරු වේ.
“කාන්තාවන් ප්රමුඛ සමාගම්වල ජ්‍යෙෂ්ඨ නිලධාරී තනතුරු දැරීමෙහිලා ක්‍රමවත් වර්ධනයක් දක්නට ලැබෙනවා. ව්‍යාපාරික, දේශපාලනික, විධායක ඉහළ තනතුරුවල සහ අධ්යක්ෂ මණ්ඩලවල කාන්තා සහභාගීත්වය දිරිමත් කල යුතු වෙනවා.”කොළඹ කොටස් හුවමාරු සභාපති රේ අබේවර්ධන මහතා සදහන් කළේය.
රැකියා ස්ථානවල කාන්තාවන් සවිබල කරගැනීම තුලින් මුල්‍යමය ප්රතිලාභ අත්පත්කරගැනීමට හැකිවන බව IFC විසින් මෑතකදී සිදු කරන ලද ප්‍රමුඛතම සමාගම් 30ක් සමාලෝචනය කරමින් සිදුකරන ලද සමීක්ෂණ අනුව තහවූරු වේ. ගෝලීය සමීක්ෂණ අනුව අවම වශයෙන් එක් අධ්යක්ෂවරියෙක් සිටින සමාගම් බොහෝදුරට කොටස්වල සහ ප්රාග්ධනය මත අත්පත්කරගත් ප්රතිලාභ වඩාත් සාධනීය බවත් කාන්තාවන් නැති සමාගම්වලට වඩා අධ්යක්ෂ මණ්ඩලයෙහි කාන්තා අධ්යක්ෂවරුන් එකකට වඩා වැඩි දෙනෙක් සිටින සමාගම්වල 3.7%ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කෙරේ.
ලැයිස්තුගත සමාගම්වල අධ්යක්ෂ මණ්ඩලය සමාජිකයන්ගෙන් 8.5% පමණ කාන්තාවන් වන බව ජාත්‍යන්තර මුල්‍ය ආයතනය (IFC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් මෑතකාලීනව කරන ලද සමික්ෂණවලින් හෙළි වී තිබේ. එය මීට පෙර වර්ෂය හා සසදන කල 8.14ක සුළු වර්ධනයකි.
“ව්‍යාපාරික නායකයින්, ව්‍යවසායකයින්, සේවකයින් සහ පාරිභෝගිකයින් ලෙස විවිධ ක්ෂෙත්ර නියෝජනය කරන කාන්තාවන්ගේ සහභාගීත්වය තුලින් සමාගම් වර්ධනයට ප්‍රධාන වේ” යනුවෙන් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සදහා ජාත්‍යන්තර මුල්‍ය ආයතන (IFC) කළමණාකාරිනි අමෙනා අරිෆ් මහත්මිය පැවසීය. “ශ්‍රී ලංකාවේ අධ්යක්ෂ මණ්ඩලවල සිටින කාන්තාවන් පිළිබඳව සිදුකරන ලද සංඛ්‍යා ලේඛන මගින් ජ්‍යෙෂ්ඨ තනතුරු විවිධත්වයක් ඇතිකරලීමට බෙහෙවින් ඉවහල් වන අතර ස්ත්‍රි පුරුෂ සමානත්වයකින් යුත් අධ්යක්ෂ මණ්ඩලයක් තුලින් ආර්ථික ප්රතිලාභ අත්පත්කරගැනීම පිළිබඳව සංවාදයක් පුනර්ජිවනය කිරීමට හැකි වෙනවා”යනුවෙනි.
මෙම වර්ෂයෙහිදී පවත්වන සීනුව නාද කිරීමේ උත්සවය තුලදී “The Case for Gender Diversity Among Sri Lanka’s Business Leadership” යන වාර්තාව සහ Women on Boards නාමාවලියෙහි දෙවන සංස්කරණ පිටපත (කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම්වල 2018 වර්ෂයෙහිදී අධ්යක්ෂ මණ්ඩලවල සිටින කාන්තා 136කගේ තොරතුරු ඇතුලත් ලේඛනයක්) එළි දැක්වේ.
ජාත්‍යන්තර මුල්‍ය ආයතනයේ (IFC) “Women on Boards” වැඩසටහන හරහා කාන්තාවන් පෞද්ගලික අංශයේ සහභාගීත්වය සහ නායකත්ව හැකියාවන් වර්ධනය කිරීමට අනිවාර්යය යහපත් ආයතනික භාවිතයන් ප්‍රචලිත කරන පුළුල් ප්‍රයන්ත වැඩසටහනකි. ජාත්‍යන්තර මුල්‍ය ආයතනයට (IFC) සම්බන්ධ මෙවැනි වැඩසටහන් සඳහා ඕස්ට්‍රේලියානු රජය විසින් සහාය වන IFC-DFAT WOMEN IN WORK හවුල සහාය වේ.
“ ස්ත්‍රි පුරුෂ සමානාත්මතාවය වර්ධනය තුලින් කාන්තාවන්ට පමණක් නොව සෑමටම ප්රතිලාභ අත්පත්කර දීමට හැකි වෙනවා. ඕස්ට්‍රේලියාවේ පුද්ගලික අංශය තුල කාන්තාවන්ගේ ආර්ථිකය බලගැන්වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකිරීමට මුලික හේතුව වන්නේ කාන්තා සහභාගිත්වය ආර්ථික වර්ධනයට වඩාත් තීරණාත්මක සාධකයක් වන නිසා.” වැඩ බලන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ජොන් ෆිල්ප් මහතා පැවසීය. “ අප කාන්තාවන් සමග හවුලේ කටයුතු කිරීම තුලින් කාන්තාවන් සඳහා පෞද්ගලික අංශයේ වැඩි හොඳ රැකියා අවස්ථා සහ ව්‍යාපාරික අවස්ථා බිහිකරලීමට හැකිවෙනවා” යනුවෙන් තවදුරටත් එතුමා පැවසීය.
“ස්ත්‍රි පුරුෂ සමානාත්මතාවය සදහා පවත්වන සීනුව නාද කිරීමේ උත්සවය” IFC, Sustainable Stock Exchanges (SSE) Initiative, UN Global Compact, UN Women, Women in ETFs සහ World Federation of Stock Exchanges යන ආයතන සහ වැඩසටහන්වල සහයෝගීතාවයෙන් මෙය පවත්වනු ලැබේ. මෙම වර්ෂයෙහිදී ලොව පුරා කොටස් හුවමාරු 70කට අධික ප්‍රමාණයක මෙම වැඩසටහන පැවැත්වේ.
Video Story