March, 8, 2019
2018 වර්ෂයේ තුන්වන කාර්තුවේ රාජ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය පිළිබඳ වාර්තාව අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ අනුව, 2018 සැප්තැම්බර් මස 30 දින වන විට රාජ්‍ය අංශයේ අනුමත කාර්ය මණ්ඩලය 1,587,803ක් වන බවත් එයින් දැනට සේවයේ නියුතු කාර්ය මණ්ඩලය 1,373,338ක් බවත් ගණන් බලා තිබේ.
රාජ්‍ය අංශයේ ඇතැම් ආයතන විසින් තම සේවා අවශ්‍යතාවන් නොසලකා කාර්යමණ්ඩලය බඳවාගැනීම වැළැක්වීම පිණිස නිසි ක්‍රමවේදයන් හා නීති හා රෙගුලාසි බලාත්මක කිරීමේ අවශ්‍යතාව, සේවා අවශ්‍යතාවන් නොසලකා බඳවාගැනීම හේතුවෙන් එවැනි සේවාවල නිලධාරින්ගෙන් ප්රශස්ත අන්දමින් සේවා ලබාගැනීම පිළිබඳව ගැටලු පැන නැඟී ඇති බවත්, අලුතින් බඳවාගැනීම් සිදු කිරීමේදී නිසි පරිදි වැඩ අධ්‍යයනයක් සිදු කිරීමෙන් පසුව පමණක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ එකඟතාව සහිතව බඳවාගැනීම සිදු කිරීම යෝග්‍ය බවත් මෙම වාර්තාව මඟින් පෙන්වා දී ඇත.
ඒ අනුව, රාජ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය පිළිබඳ 2018 වර්ෂයේ 3වන කාර්තුවේ දත්ත සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.
Video Story