කාන්තාවන් පමණක් මෙහෙයුම් කළ ලංකාවේ පළමු ගුවන් යානය – UL306

    March, 8, 2019

    ජාත්‍යන්තර කාන්තා දිනය අභිමානයෙන් සමරමින්  කාන්තාවන් පමණක් මෙහෙයුම් සිදු කළ ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL306 ගුවන් යානය අද උදෑසන සිංගපූරුව බලා පිටත්ව ගියේය. කාන්තාවන් පමණක් මෙහෙයුම් සිදු කළ පළමු ශ්‍රීලංකන් ගුවන් යානය මෙය වීම විශේෂත්වයකි.

    ගුවන් යානයේ මෙහෙයුම් කාර්ය මණ්ඩලය කාන්තාවන් 8 දෙනෙකුගෙන් සමන්විත වූ අතර ගුවන් නියමුවරියන් ලෙස කපිතාන් සිම්රන් ගුම්මන්, පළමු පියාසර නිලධාරිනිය ලෙස මනීෂා නම්බුගේ සහ ගුවන් කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස මිරින්ඩා රුද්‍රිගෝ කටයුතු කළේය. ගුවන් යානයේ මගීන් 177 දෙනෙකු ගමන් කළේය.

    ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය ලොව පුරා සේවය කරන සියලුම කාන්තාවන් පිළිබඳ ආඩම්බර වන්නෙමු.

     

    ඡායාරූපය –  ගුවන් යානයේ නියමුවරියන් ලෙස කටයුතු කළ කපිතාන් සිම්රන් ගුම්මන් සහ පළමු පියාසර නිලධාරිනිය මනීෂා නම්බුගේ

     

    UL306 ගුවන් යානයේ ගුවන් කාර්ය මණ්ඩලය