March, 11, 2019
ලොව ප්රමුඛ පෙළේ සංචාරක හා වෙළඳ ප්‍රදර්ශනයක් වන ITB, ජර්මනියේ බර්ලින් නුවර දී (6දා) විවෘත වු අතර, මෙහිදී ශ්‍රී ලංකාව ප්රතාපවත් පෙනුමක් හා උත්සවශ්රියන් මධ්‍යයෙහි කැපීපෙනෙන මණ්ඩපය සහ රටේ සන්නාමය ඇරඹීමට අදියර ගත්තේය.
සන්නාම ප්‍රවර්ධනයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ස්වභාවික අරුමයන් හරහා ශ්‍රී ලංකාව නිරූපනය වන සුවිශේෂී වාර්තා චිත්‍රපටයක් එළිදක්වා ඇත. මෙම අලංකාර නව ව්‍යපෘතියට පිටුපසින් සම්මානලාභී ස්වභාවික වාර්තා චිත්රපටකරුවන්ගේ කණ්ඩායමක් ඇත. මෙය පොහොසත් හා විවිධ වන වනජීවී ඉදිරි දර්ශනය තුලින් දිවයින පිළිබඳව කරන ලද, මෙම ආකාරයේ පළමු චිත්‍රපටය වේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTPB) තම නවතම සන්නාමය -So Sri Lanka- ට ජීවයක් ගෙන ඒ මේ කාර්යභාරය මෙම චිත්‍රපටයට පවරා ඇත. එය ශ්‍රී ලංකාව යනු ගමනාන්තයක් පමණක් නොවෙයි, එය හැඟීමක් බව විදහා දක්වනවා.
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා අත්දැකීම් සොයන සංචාරකයන් ආකර්ෂනය කරගැනීම සඳහා - Lonely Planet විසින් 2019 වසරේදී සංචාරය කිරීම සඳහා හොඳම රට ලෙස නම් කරන ලදී - බ්‍රිතාන්‍ය කාන්තාවන් ගෙන් සමන්විත කණ්ඩායම, ශ්‍රී ලංකාවේ අතිශය අසාමාන්‍ය වැසියන් වන වන ජීවීන්ගේ දෘෂ්ටිකෝණයෙන් ශ්‍රී ලංකාවේ දර්ශනීය භූ දර්ශන හා විචිත්‍ර සංස්කෘතිය පටිගතකර ගත්හ. මෙම චිත්‍රපටයේ ඇතුන්, කැස්බෑවන්, දිවියන්, නිල් තල්මසුන් සහ මාළුබළලුන් ඇතුලු ශ්‍රීලංකාවේ වඩාත් ජනප්‍රිය සුවිශේෂී තම සමහර පදිංචිකාර වනජීවින්ගේ (සහ විසින්) පටිගත කරන ලද'සමීප හා පෞද්ගලික' දර්ශන ඇතුළත්ය.
මෙම සිනමා සහ නිෂ්පාදන කණ්ඩායමට බීබීසී ස්වභාවික සහ ඉතිහාස ඒකකය සමග පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති අතර,එහි Blue Planet II, Africa, Human Planet සහ Our Blue Planet ඇතුලු, එහි වඩාත්ම දර්ශනීය මාලා සඳහා වගකිව යුතුය.
"So Sri Lanka"
නව සන්නාම අනන්‍යතාව සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මණ්ඩපය අලංකාර ලෙස නිර්මාණය කර ඇත. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කෙටුව ITB යට සහභාගී වන කර්මාන්තකරුවන් සමග ජාල ගත්වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ හෝටල් කරුවන් සහ සංචාර මෙහෙයවන්නන් 72 දෙනාට හිමිවන ලෙසට, බොහෝ සංචාරකයින්ගේ ආකර්ෂනය දිනාගැනීමට, ශ්‍රීලංකා මණ්ඩපය බලාපොරොත්තුවේ.
ශ්‍රී ලංකා මණ්ඩපය, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණසේන හෙට්ටියාරච්චි, ෆෙඩරල් විදේශ කාර්යාලයේ දකුණු ආසියාව සඳහා වන කොමසාරිස් තානාපති Potzel, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන සභාපති කිශු ගෝමස් සහ ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග විවෘත කරන ලද්දේ සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග විසිනි.මෙම අවස්ථාවට අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ෆීලික්ස් රොද්‍රිගෝ, ෆ්රැන්ක්ෆර්ට් හි කොන්සල් ජනරාල් මධුරිකා වෙන්නිග, බර්ලින්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ චාන්සරි ප්‍රධානියා අහමඩ් රසී, සංචාරක උපදේශක කමිටුවේ සාමාජික දිනෙශ වීරක්කොඩි, අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරිනි ඈන් අමරතුංග, ගෞරවණීය කොන්සල් නිහාල් සමරසිංහ, හනෝවර් සඳහා වන ගෞරවණීය කොන්සල් ක්ලව්ස් හොල්ට්මන් යන අය ද සහභාගී විය.
ITB හි ශ්‍රී ලංකාවේ සහභාගීත්වයේ වැදගත්කම සහ ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ සියලු පාර්ශ්වකරුවන් විසින් සිදුකරන ලද කාර්යයන් හේතුවෙන් ජර්මනියේ සංචාරකයින්ගේ පැමිණීම ඉහළයාම පිළිබඳවත් අමාත්‍ය අමරතුංග මහතා අවධාරණය කළේය."So Sri Lanka" නව සන්නාම අනන්‍යතාව, ගමනාන්තය පිළිබඳ වැඩි අවබෝධයක් ඇතිකිරීම සඳහාගනු ලැබූ වැදගත් පියවරක් ලෙස හඳුන්වනු ලැබුවේය. මෙම ව්‍යාපාරය ජාත්‍යන්තරව සම්පූර්ණයෙන්ම දියත්කිරීම ඉදිරිමාසවල දී සිදුවීමට නියමිතය. 2019 අගවන විට සංචාරකයින් මිලියන 3ක් වෙත ළඟා වියහැකි බව අමාත්‍ය අමරතුංග මහතා විශ්වාසකරයි.
ශ්‍රී ලංකාවට ජර්මන් ජාතික සංචාරකයින්ගේ පැමිණීම ඉහල යෑම පිළිබඳව අවධාරණය කළ තානාපති හෙට්ටියාරච්චි මහතා, ජර්මනියේ ශ්‍රීලංකාව ප්‍රවර්ධනය කිරීමේ කාර්යයෙහි දැක්වූ අඛණ්ඩ සහයෝගය වෙනුවෙන්, සැමට ස්තුතිය පළකළේය. සංචාරක කර්මාන්තයේ වර්ධනයට මෙන්ම ජර්මනිය සමග ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමටද අමාත්‍යවරයා විසින් කරන ලද දායකත්වය තානාපතිවරයා විදහා පෙන්වූවේය.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිෂු ගෝමස් මහතා, සෑමරටක්ම, තම හොඳම නිෂ්පාදන මාදිලි සහ වටිනාකම්, හැකි හොඳම ආකාරයෙන් ඉදිරිපත් කරන බවත්, ඔවුන් අතරින් ඉතා කැපීපෙනෙන ආකාරයට ශ්‍රී ලංකා මණ්ඩපය සැලසුම් කර තිබෙන බවත් සඳහන් කළේය.
නෙත් ඇදගන්නා මණ්ඩපය, පැමිණෙන අයට සුවකිරීමේ චිකිත්සාව ලබාදෙන ආයුර්වේද ස්පා අංශයකින් සහ පිරිසිදු සිලෝන් තේ පැන් පිරිනම Tea Boutique එකකින්ද සමන්විතය. ශ්‍රී ලංකා සංචාරක අංශයේ සමාජ මාධ්‍ය වෙබ් අඩවිවලට පැමිණෙන අය වැඩි කිරීම සඳහා සංවිධානය කර ඇති Selfie තරඟයද තවත් සුවිශේෂීත්වයක් උසුලයි. ඩිජිටල් මාධ්‍ය හරහා ගමනාන්තය පිළිබඳ වැඩි අවබෝධයක් ඇති කිරීම සඳහා, Selfie තරඟයේ ජයග්‍රාහකයන්ට ගුවන් ටිකට්පත්, නිවාඩු පැකේජයන් පුද්ගලික අංශයෙන් ලබාදෙනු ඇත.
මෙම වසරේ ITB කර්තව්‍ය මාර්තු මස 10වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.මෙය ලෝකයේ සංචාරක කර්මාන්තයේ ප්‍රධාන පාර්ශවකරුවන් සම්බන්ධකරන ගෝලීය සංචාරක කර්මාන්තයේ විශාලතම වේදිකාව වේ.මෙහිදි ලොව පුරා රටවල්වලින් සංචාරකයින් ආකර්ෂණයකරගැනීම සඳහා රටවල් 180කට අධික සංඛ්‍යාවක් සිය නිශ්පාදන ප්‍රදර්ශනය කරනු ඇත.වසර 50 කට පෙර වෙළඳ සංචාරකයන් 250 කට අධික සංඛ්‍යාවක් සමග ආරම්භවූ මෙම උත්සවය, දැනට වෙළඳසංචාරකයන් 114,000 කට වැඩි සංඛ්‍යාවක් පැමිණෙන තත්වය දක්වා වර්ධනයවී ඇත.
Video Story