සහන මිල නිසා කාගිල්ස් හා සතොසට වූ අලාභ පියවන්න රජයෙන් රු. මිලියන 203 ක්

    March, 12, 2019

    2017 දෙසැම්බර් 14 සිට 2018 අප්‍රේල් මස 15 දින දක්වා මාස හතරක කාලපරිච්ඡේදයක් සඳහා සහල්, සීනි, අර්තාපල්, ලූණු, පරිප්පු, හාල්මැස්සන් සහ ටින්මාළු යනාදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පාරිභෝගිකයන්ට සහනදායී ලෙස පවත්වාගෙන යාම සඳහා පිරිවැය මත පදනම් මිලකට පාරිභෝගිකයාට අලෙවි කිරීමට සුපිරි වෙළඳසැල් හා ලංකා සතොස ආයතනයේ සහාය රජය විසින් ලබා ගන්නා ලදී.

     

    එම අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය සහන මිලට පාරිභෝගිකයා වෙත ලබා දීම නිසා එම ආයතනවලට දැරීමට සිදු වූ අලාභය ගණනය කර බාහිර විගණකවරයෙකුගේ නිර්දේශය මත රජය විසින් පියවීමට එකඟ වී ඇත.

     

    ඒ අනුව සීමාසහිත කාගිල්ස් (සිලෝන්) පොදු සමාගම හා ලංකා සතොස ලිමිටඩ් විසින් දරන ලද මිලියන 203ක අලාභය පියවීම පිණිස ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.