March, 22, 2019
මේ වන විට දිවයින පුරා විටින් විට ක්‍රියාත්මක වන විදුලිබල කප්පාදුවට මූලික හේතුව නොරොච්චෝල බලාගාරයේ ඇදවැටීම පමණක් නොවන බවත් පසුගිය වසර 4 ක කාලය තුළ මෙරට මහාපරිමාණ කිසිදු ව්‍යාපෘතියක් දියත් වී නොමැති බවත් සෝලා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි. ඊයේ (21) පැවති මාධ්‍ය හමුවක දී ඔවුන් මේ බව අවධාරණය කරන ලදී.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෝලා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් ලක්මාල් ප්‍රනාන්දු මහතා මෙසේ කියා සිටියේය.
“විදුලිය කප්පාදුව ඇවිත් ඉවරයා. ඇයි එඑහම වෙන්නේ. සමහර් කියන්නේ නොරොච්චෝලේ එක එංජිමක් ක්‍රියාවිරහිත වීම නිසා මෙහෙව වුණා කියලා. අපි දකින පැත්ත වෙනස්. 2016 ඉඳන් අද දක්වා වසර 4 ක් තිස්සේ මේ රටේ කිසිදු මහාපරිමාණ විදුලිය නිෂ්පාදන ව්‍යාපෘතියක් සිද්ධ වෙලා නැහැ. අද වෙන කොට සුනිත්‍ය බලශක්ති අධිකාරියේ 2016 සිට මේ දක්වා දාපු, ගිටාවොට් 1.48 ඒ කියන්නේ මෙගාවොට් 1,480 ක අයදුම්පත් තිබෙනවා. සම්පූර්ණයෙන්ම සෝලා. කිලෝවොට් 340 ක් වැනි ඉතා කුඩා මට්ටමේ සිට මෙගාවොට් 5 දක්වා තිබුණු ව්‍යාපෘති නතර වුණා. නතර වීමට හේතුව පැහැදි නැහැ.“
“2016 සිට මෙම මෙගාවොට් 1.400 ක ප්‍රමාණයට ලයිෂන් දීලා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ මීට ඇවිත් තිබුණේ, මේක කර ගෙන ගියා නම්, අද වෙන කොට අපේ බලශක්තිය නිපදවීම සම්බන්ධයෙන් ඉතා ස්ථාවර මට්ටමක ඉන්න තිබුණා.“
“අපේ සංගමය අද වෙනකොට මෙගාවොට් 196 ක්, ජාතික විදුලි පද්ධතියට එකතු කරලා තියෙනවා. මෙයා ඉතා විශාල ප්‍රමාණයක්. මෙය අපි එකතු කර නොතිබුණා නම්, මීට බොහෝ කලකට කලින් අපිට විදුලි කප්පාදුවලට යන්න වෙන්නේ. ඉහත කී 1,480 ක අයදුම්පත් ක්‍රියාවට නංවා තිබුණා නම්, අද අපිට මෙහෙම කියන්න වෙන්නේ නැහැ.“
“අපි බොහොම පැහැදිලිව කියනවා. අද මේ අවස්ථාවේ දී හෝ රජය මේ ගැන බොහොම පැහැදිලිව සිතා බලලා, මේ තියෙන ප්‍රශ්න විසඳීමේ මූලික පියවරක් හැටියට, මේ තියෙන අයදුම්පත් ක්‍රියාවට නංවලා, ඉතා ඉක්මනින් මෙම ගිගාවොට් 1.48 විදුලිබලය අපේ ජාතික පද්ධතියට ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතුයි. මේක පටන් ගත්තොත් මාස 06 ක් ඇතුළත, අවම වශයෙන් මෙගාවොට් 400-500 ක් පද්ධතියට අපිට ගේන්න පුළුවන්.“
Video Story