හච් ආදරවන්තයින්ගේ දිනය සමරයි

    March, 25, 2019

    හච් ශ්‍රී ලංකා සමාගම ආදරවන්තයන් වෙනුවෙන් ආදරවන්තයන්ගේ දිනය සැමරීම සඳහා සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කළේය.

    හච් ඇමතුම් පැකේජ සක්‍රීය කරගත් පාරිභෝගිකයන් හට තම ආදරවන්තයා හෝ ආදරවන්තිය සමග පීසා හට් වෙතින් අපූරු රාත්‍රී භෝජන සංග්‍රහයක් රසවිඳීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට හිමිවිය.

    මෙම අවුරුදු සමයේදී හච් පැකේජ ලබාගත් නව පාරිභෝගිකයන් හට මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන සඳහා සහභාගී වීමට හැකිවිය. ඒ සඳහා පාරිභෝගිකයන් කළ යුතු යුතු වූයේ ඇමතුම් පැකේජයක් සක්‍රීය කර ගැනීම පමණි.

    දැනටමත් හච් සබඳතාව භාවිත කරන පාරිභෝගිකයන්ට මෙන්ම එම කාලය තුළ හච් සමග සම්බන්ධ වූ නව පාරිභෝගිකයන්ට ද මෙම නවත ම ප්‍රවර්ධන වැඩසටහන සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමිවිය. ඒ අනුව ඇමතුම් පැකේජයක් සක්‍රිය කර ගනිමින් රු. 2,500ක් වටිනා පීසා හට් වවුචරයක් දිනා ගැනීමට ඔවුන්ට හැකිවිය.

    සිය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා වලට අනුකූල සේවාවක් පිරිනමන සන්නාමයක් ලෙස හච්, මෙම කාලය පුරා ආදරණීයයන් සමග ඇමතුම් ලබාගැනීමේදී පාරිභෝගිකයන් හට වට්ටම් ලබාදීමට ද කටයුතු කළේය.

    මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳ අදහස් පළ කරමින් හච් සමාගමේ අලෙවි ප්‍රධානී හම්ඩි හසන් මහතා සඳහන් කළේ, ජංගම දුරකථනය සබඳතා පවත්වා ගැනීම සඳහා බෙහෙවින් වැදගත් වන බවත් නිරන්තරයෙන් පාරිභෝගිකයන් හට දීමනා සහ ප්‍රතිලාභ හිමිකර දෙන සන්නාමයක් ලෙස හච් මෙවර ආදරවන්තයින්ගේ දිනය අමතක නොවන දිනයක් බවට පත්කිරීමට කටයුතු කළ බවත්ය.

    "මට ඉතාම සතුටුයි. මට යමක් ජයග්‍රහණය කිරීමට හැකිවුණු පළමු වතාව මෙයයි. මේ අපූරු ප්‍රවර්ධන වැඩසටහන සංවිධානය කළ සියලු දෙනාට මා ස්තුතිවන්ත වනවා" එක් ජයග්‍රාහකයෙකු වූ ජනක ජයන්ත සිය සතුට ප්‍රකාශ කළේය.

    තවත් වවුචරයක් හිමිකර ගත් රුවන් තුෂාර දිසානායක සඳහන් කළේ, තමන් වසර දහයකට අධික කාලයක පටන් හච් සබඳතාව භාවිත කරන බවය. "මේ තරම් අපූරු ත්‍යාගයක් හිමිකර ගැනීමට හැකිවේ යයි මම කවදාවත් හිතුවේ නෑ. හච් සේවාව ඉතාම විශිෂ්ට මට්ටමක පවතින නිසා ඉදිරියේදීත් හච් සමග රැඳෙනවා"

    සියලු පුරවැසියන් එකිනෙකා සමග සම්බන්ධ කිරීමේ සහ ඔවුන් වෙනුවෙන් අසමසම ජංගම දුරකථන සබඳතා විසඳුම් ලබාදීමේ අරමුණ පෙරදැරිව හච් ශ්‍රී ලංකා සමාගම දිවයින පුරා 4G සබඳතාව ව්‍යාප්ත කරමින් සිය සබඳතා ජාලය තවදුරටත් පුළුල් කරමින් සිටී.

    කේ.ඩබ්.ඒ. සවිනු ජයතිලක, ඩබ්.ටී. ප්‍රදීප් ධර්මසිරි, රුවන් තුෂාර, ෂෙහාරා සුමුදු, චමිල චතුරංග, ජනක ජයන්ත, කේ.ඩී. තිලකා රත්න, සඳුනි ප්‍රනාන්දු, කේ. එරන්දිකා මදුමාලි, අයි.බී. ලක්මාල් පුෂ්පකුමාර, නදීෂා රුවන්ති හෑගොඩගමගේ, ඒ.එල්. රුසේන් මොහොමඩ්, ඩී.එම්. නයන මංජුල දුනුකර, කේ.එම්. මධුෂ් කසුන්තක දිල්ශාන්, ඩබ්.පී.ඩී. ප්‍රනාන්දු, ටී. සංජීව සමන් කුමාර සහ කේ.ජී.ඒ. නිසංසලා සංජීවනී ඇතුළු පිරිසකට මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ ජයග්‍රහණය කිරීමට හැකිවිය.