ජෝන් කීල්ස් සමූහයේ “ප්ලාස්ටික් සයිකල්” වැඩසටහන ශ්‍රි ලංකා නාවික හමුදාව සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක කරයි

    March, 25, 2019

    ප්‍රතිචක්‍රීයකරණය කළ නොහැකි ප්ලාස්ටික් අපද්‍රව්‍යවලට විසඳුමක් ලබාදීම සඳහා ප්ලාස්ටික් සයිකල් වැඩසටහන ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව සහයෝගී නියාමක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරයි. ප්ලාස්ටික් සයිකල්ව්‍යාපෘතිය මගින් ප්‍රතිචක්‍රීයකරණය කළ නොහැකි ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිතා කරමින්  මල් පෝච්චි සහ අලංකාර ප්‍රතිමා වැනි අගයක් ලබාදිය හැකි නිෂ්පාදන සිදු කිරීම සඳහාශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන්  මූලාදර්ශ කුටියක් සංවර්ධනය කර පරීක්ෂා කිරීමට දායක වේ.

    ජෝන් කීල්ස් සමූහයේ මානව සම්පත්, නීති, ආයතනික සමාජීය වගකීම්, තිරසාරභාවය පිළිබඳ සභාපතිනිය වන,දිලානි අලගරත්නම් මහත්මිය සහ ශ්‍රි ලංකා නාවික හමුදාපති, වයිස් අද්මිරාල් කේ.කේ.වී.පි.එච්. ද සිල්වා මහතා අතින් මෙම නියාමන ව්‍යාපෘතිය සඳහා අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම 2019 පෙබරවාරි 18 දින සිදුවිය.

    ප්‍රතිචක්‍රීයකරණය කළ නොහැකි ප්ලාස්ටික් උණුකර ඉන්පසුව පෙරසවි අච්චු භාවිතයෙන් විවිධ නිෂ්පාදන නිර්මාණය කිරීමට ඉඩදෙමින් උණුකිරීමේ මැදිරියක් සහ අච්චුසෑදීමේ යන්ත්‍රයකින් සමන්විතවන මෙම තාක්ෂණය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රිත සංරක්ෂණ සහ නියාමන ඒකකය විසින් සංවර්ධනය කරනු ලැබ ඇත.

    මෙම ව්‍යාපෘතිය එහි මූලික අදියරේදී  කාක දූපත නාවික හමුදා කඳවුරේ පවත්වනු ලබන අතර, කාක දූපත් වෙරළ කැළණි ගංමෝය මගින් මුදාහැරෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එක්රැස්වන ස්ථානයක් බවට පත්ව ඇත. එකතුවන ප්ලාස්ටික් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමාජිකයින් විසින් සංවිධානය කරන සතිපතා වෙරළ පිරිසිදුකිරීම තුළින් එකතු කරනු ලබයි. කෙසේවෙතත්, වැලි සහ අනෙකුත් කුණු රොඩු සමඟ අපවිත්‍රවීමේ මට්ටම හේතු කොට ගෙන, මෙම ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය දුෂ්කර බව සනාථ වී ඇත.

    ප්ලාස්ටික් සයිකල්විසින් මෙම ක්‍රියාවලිය තවදුරටත් වර්ධනය කිරීමට අවශ්‍ය උපකරණ ලබාදීමට මෙන්ම යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේ පිරිස් සඳහා අවශ්‍ය ආරක්ෂිත උපාංග ලබාදීමට කැපවී කටයුතු කරයි.  නියාමන අදියර සම්පූර්ණයෙන්ම සාර්ථකවීම මත, ප්‍රතිචක්‍රීයකරණය කළ නොහැකි ප්ලාස්ටික් අපද්‍රව්‍ය සැලකියයුතු ලෙස එකතුවන රටේ අනෙකුත් කොටස් දක්වා මෙම ව්‍යාපෘතිය ප්‍රචලිත කිරීම සිදුකළ හැක.

    ශ්‍රී ලංකා නාවික හමුදාවේමෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් රෙයර් අද්මිරාල් එන්.පී.එස්. ආටිගල, ජෝන් කීල්ස් සමූහයේ උප සභාපතිනියක  හා බදු සහ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතියේ ප්‍රධානී නිස්රීන් රෙහමන්ජි සහ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතියේ කළමනාකාර බුද්ධික මුතුකුමාරණ යන අයද මෙම උත්සවයට සහභාගි වූහ.

     

     

    “ප්ලාස්ටික් සයිකල්”වැඩසටහන යනු ජෝන් කීල්ස් සමූහය මඟින් 2017 වසරේදී ආරම්භ කරන ලද සමාජ ව්‍යවසායකත්ව වැඩසටහනකි. විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර 7ක් තුළ සමාගම් 70කටවඩා ක්‍රියාත්මක කරමින් කොළඹ කොටස් හුවමාරුව තුල ශ්‍රි ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් සමූහය පුද්ගලයින් 13,000කටවැඩි පිරිසකට රැකියා සපයන අතර වසර 13කකාලයක් සඳහා ශ්‍රි ලංකාවේ වඩාත් ගෞරවණිය ආයතනය ලෙස ශ්‍රේණිගත කොට ඇත. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සමාජිකයෙක් සහ එක්සත් ජාතින්ගේ ගෝලිය සංයුක්තයේ සාමාජිකයෙක් වන, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්, ජෝන් කීල්ස් පදනම තුළින් "හෙටදින සඳහා ජාතිය සවිබලගැන්වීම"යන එහි දැක්ම  ඉදිරියට ගෙන යයි.