March, 27, 2019
පොදු ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමේ හා මගී ජනතාව වෙත වඩාත් ගුණාත්මක පොදු ප්‍රවාහන සේවාවක් ඇති කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස්රථ 37 ක් කල්බදු පදනම මත සපයා ගැනීමට තීරණය කර ඇත.
ඒ අනුව මෙම බස්රථ සපයා ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත සොෆ්ට්ලොජික් ඔටෝමොබයිල් පුද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
Video Story