March, 27, 2019
වර්තමානය වන විට ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වර්තමාන තාක්ෂණයට උචිත වන පරිදි තාක්ෂණික පරිවර්තනයක් සිදු කරමින් සිටී. ඒ හරහා රථ ඇණියේ තත්ත්වය වැඩිදියුණු කිරීමට අපේක්ෂිතය.
ඒ අනුව ඉන්දුනීසියානු අපනයන හා ආනයන බැංකුව, බැංකුවේ මූල්‍ය සහාය යටතේ උඩරට මාර්ගයයන් හි දුම්රිය සේවා සඳහා අඩි 50 ප්‍රමාණයේ මගී මැදිරි 75 ක් හා බහාලුම් ගැල් (flat bed) 20ක් ශ්‍රී ලංකා දුම්රිය සේවය වෙත මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඉන්දුනීසියානු රජයට අයත් PT Industri Kerete Api (PT INKA) දුම්රිය සමාගම වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story