March, 27, 2019
හරිත රථ වාහන පරිවර්තන යුගයක් කරා ශ්‍රී ලංකාව ගෙන ඒමේ ජාතික වැඩපිළිවෙලට උර දෙමින් Mahindra TREO නමින් නවතම විදුලියෙන් ක්‍රියාත්මක ත්‍රීරෝද රථයක් අද (27) දින ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී. මහින්ද්‍රා සහ අයිඩියල් මෝටර්ස් සමාගම් එක්ව මෙම හඳුන්වාදීම සිදුකළ අතර, මෙය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබූ පළමු විදුලි ත්‍රීරෝද රථය ලෙසින් ඉතිහාසගත වේ.
මේ සම්බන්ධයෙන් මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමේ ජාත්‍යන්තර මෙහෙයුම් ප්‍රධානී අරවින්ද මැතිව්ස් මහතා මෙසේ කියා සිටියේය.
“රටේ පවතින එක් නැගී එන අවශ්‍යතාවක් වන්නේ විදුලි රථ වෙත මාරුවීමට ගන්නා උත්සාහයයි. එම විදුලි රථවාහන සංකල්පය මහා පරිමාණ ප්‍රවාහනය සඳහා යෙදවීමට මහින්ද්‍රා සමාගම කැප වී කටයුතු කළා. ඒ අනුව අද වන විට, පූර්ණ වශයෙන් විදුලියෙන් ක්‍රියාකරන Mahindra TREO ත්‍රීරෝද රථය නිපදවනු ලබන පළමු ආයතනය බවට පත් වීමට අපට හැකි වී තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රවාහනය සඳහා උචිත පරිසර හිතකාමී තේරීමක්.“
මේ වන විට මෙම Mahindra TREO ත්‍රීරෝද රථයේ වෙළෙඳපොළ මිල නිශ්චිත වශයෙන් තීරණය කර නොමැති අතර එය රුපියල් ලක්ෂ දහයක පමණ මිලක් වේ යැයි සඳහන් වේ.
Video Story