March, 28, 2019
පුත්තලම ගල් අඟුරු බලාගාරය සඳහා කඩිනමින් අවශ්‍ය ගල් අඟුරු ක්ෂණික මිල දී ගැනීම් (Spot Tender) යටතේ මිල දී ගැනීම සඳහා අනුමැතිය ලබා දෙනු ලැබ ඇති අතර, ඒ අනුව එම බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු මෙට්‍රික් ටොන් 300,000 ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මෙට්‍රික් ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 81.87 බැගින් M/s Adani Global Pte. Ltd වෙතින් මිල දී ගැනීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මේ සඳහා වන මුළු පිරිවැය ඩොලර් 24,561,000 ක් වන අතර එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 4,420,980,000.00 කි.
කොන්ත්‍රාත්තුව ලද Adani Global Pte. Ltd සිංගප්පූරුවේ ලියාපදිංචි කරනු ලැබූ සමාගමක් වේ.
Video Story