Emjay-Penguin සමාගම JASTECA සම්මාන පහකින් පිදුම් ලබයි

    April, 1, 2019

    උසස් ප්‍රමිතියෙන් යුතු ඇඟලුම් නිෂ්පාදනය කරන මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Emjay International සහ Penguin Sportswear සමාගම, පසුගියදා පැවති JASTECA සම්මාන උළෙලේදී සම්මාන පහකින් පිදුම් ලැබුවේය.

    ජපාන-ශ්‍රී ලංකා තාක්ෂණ සහ සංස්කෘතික සංගමය විසින් 23 වන වරටත් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල මාර්තු මස 2 වනදා කොළඹ ගලධාරි හෝටලයේදී පැවැත්වුණු අතර බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ අධ්‍යක්ෂ අස්ලම් ඕමාර් මහතා එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් ද ජපාන තානාපති ගරු අකිරා සුගියාමා මහතා ගරු ආරාධිතයා වශයෙන් ද ඊට සහභාගී වූහ.

    පන්විල Penguin Sportswear සමාගම ලෝකඩ සම්මානයත්, කරඳගොල්ල සහ පයාගල Emjay International සමාගම කුසලතා සම්මාන ද මෙහිදී හිමිකර ගැනීමට සමත් විය. පල්ලේතලවින්න Penguin Sportswear සමාගම සහ තෙල්දෙණිය Emjay International සමාගම් අනුකුලතා සහතික හිමිකර ගත්හ.

    2005 වසරේදී පිහිටුවනු ලැබූ Emjay-Penguin හිදී සියලු දෙනා සැලකෙන්නේ එකම පවුලක් ලෙසය. ඉමහත් ලැදියාව, පරිපූර්ණත්වය, විනය සහ සහකම්පනය සමාගමේ මූලික වටිනාකම් වන අතර සියලු දෙනා කණ්ඩායම් හැඟීමෙන් සහ විශ්වාසයෙන් යුතුව එකාවන්ව සේවයේ යෙදෙමින් එම සමාගමේ වටිනාකම් වලට අගයක් ලබාදේ. කිසිඳු භේදයකින් තොරව සියලු දෙනාට සමාන අවස්ථාවන් පිරිනැමෙන සහ අගයකිරීම් වලින් යුත් සේවා වටපිටාව හේතුවෙන් කාර්යමණ්ඩලයේ තෘප්තිමත්භාවය ද නිරතුරුව සුරක්ෂිත වේ. Emjay-Penguin පවුලට අලුතින් එක්වන සියල්ලන්ටම ලැබෙන දිරිමත්කිරීම් සහ මගපෙන්වීම් ඔවුන්ගේ සැබෑ දක්ෂතා හඳුනා ගනිමින් ඉහළට ම යාමට මහත් පිටිවහලක් වේ. නිරන්තරව නවෝත්පාදනයන්හි යෙදෙමින් සිය පාරිභෝගිකයින් වෙනුවෙන් අනර්ඝ තත්ත්වයේ ඇඟලුම් නිපදවීමේ යෙදී සිටිනා Emjay-Penguin සමාගම සිය වටිනාම සම්පත වන මානව සම්පතට වැඩි වැදගත්කමක් ලබාදෙමින් සාර්ථකත්වය කරා වේගවත් ගමනක යෙදී සිටී. මෙම සම්මාන සියල්ල ඔවුන්ගේ විශිෂ්ටත්වය සහ සමාජයීය අනුකුලතාව යළි යළිත් තහවුරු කරන්නට සමත්ය.

    පුද්ගලික මෙන්ම රාජ්‍ය අංශයේ ද කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකාව තුළ 5S, Kaizen සහ ක්ෂිණකාලීන කළමනාකරණය (Lean Management) ආදී සංකල්ප හඳුන්වාදීම සඳහා JASTECA සංගමය පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේය. JASTECA යනු, ජපානයේ වෙළඳ සහ කර්මාන්ත අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මකවන විදෙස් තාක්ෂණ ශිෂ්‍යත්ව සංගමයේ (AOTS) ආදි විද්‍යාර්ථින්ගේ සංගමයයි.

    ශ්‍රී ලංකාව පුරා ක්‍රමෝපායිකව ස්ථාපනය කර ඇති කර්මාන්තශාලා පහක වර්ග අඩි 400,000ක නිෂ්පාදන අවකාශයකට හිමිකම් කියන Emjay-Penguin සමාගම 4,500කට අධික ශ්‍රම බලකායකින් සමන්විත වේ. එම ශ්‍රම බලකාය සන්නාම 12කට අයත් ඇඟලුම් ඒකක දිනකට 200,000කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේ හැකියාවෙන් යුතුවෙයි.

    Emjay-Penguin සමාගමේ සවිමත් පාරිභෝගික සබඳතාව සහ වෘත්තීයභාවය එම සමාගමේ සේවා විශිෂ්ටත්වය කියාපාන අතර ක්‍රියාවලි, නම්‍යශිලිත්වය සහ පාරිභෝගිකයන් සමග සම්බන්ධ වීම එම සමාගමට ඇඟලුම් ක්ෂේත්‍රය තුළ සුවිශේෂී බවක් හිමිකර ගැනීමට මගපාදා ඇත. Worldwide Responsible Accredited Production (WRAP), Garments Without Guilt (GWG), Supplier Ethical Data Exchange (SEDEX), Better Cotton Initiative (BCI), Global Organic Textile Standard (GOTS), Intertek's Global Security Verification (GSV), Organic Content Standard (OCS) සහ ISO 9001:2005 ඇතුළු සහතික රැසකින් ද එම සමාගම පිදුම්ලබා ඇත.

    සේයා රූ සටහන: බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ අධ්‍යක්ෂ අස්ලම් ඕමාර් මහතා පන්විල Penguin Sportswear සමාගමේ මෙහෙයුම් කළමනාකාර අශෝක වීරවන්නි මහතාට ලෝකඩ සම්මානය පිරිනැමූ මොහොත. JASTECA සභාපති නිමල් පෙරේරා සහ JASTECA සම්මාන ජ්‍යෙෂ්ඨ උප සභාපති ගාමිණී මාරම්බේ යන මහත්වරු ද ඡායාරූපයේ වෙති