මහජන බැංකුවේ අනුමත ප්‍රාග්ධනය වැඩි කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    April, 3, 2019

    දෙවන පෙල නියාමන ප්‍රාග්ධන අවශ්‍යතාවන් සඳහා ණයකර නිකුත් කිරීමේ දී මහජන බැංකුවට රජය විසින් ඇපවීමකින් තොරව ණයකර නිකුත් කිරීමට බලය ලැබෙන පරිදි සහ මහජන බැංකුවේ වර්තමාන අනුමත කොටස් ප්‍රාග්ධනය වන රුපියල් බිලියන 01 ක කොටස් ප්‍රාග්ධනය රුපියල් බිලියන 50 ක් දක්වා වැඩි කිරීමේ අරමුණින් 1961 අංක 29 දරන මහජන බැංකු පනතේ ඇතැම් වගන්ති සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී.

    ඒ අනුව කෙටුම්පත් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ ඇති අතර, එම කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.