April, 3, 2019
පසුගිය දා විවෘත කරන ලද කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙතින් 138 හෝමාගම-පිටකොටුව බස් රථ ගමන් ආරම්භ කිරීමත් සමඟම හෝමාගම ප්‍රධාන බස් නැවතුම්පළේ සිට 138 මාර්ගයේ ගමන් කරන මගීන් දැඩි අසීරුතාවයකට පත්ව තිබේ.
මීට හේතු වී ඇත්තේ මෙතෙක් හෝමාගම ප්‍රධාන බස් නැවතුමේ සිට ගමන් අරඹන ලද 138 හෝමාගම-පිටකොටුව බස් රථ ඇණියෙන් බස් 12 ක්, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට ගමන් ආරම්භ කිරීමට යොදවා තිබීමයි. මේ හේතුවෙන් පසුගිය අප්‍රේල් 01 දින සිට හෝමාගම ප්‍රධාන බස්නැවතුමෙන් ගමන් අරඹන 138 බස්රථවල පැහැදිලි අඩුවක් වාර්තා වී තිබේ.
මේ පිළිබඳව අප විසින් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් විමසීමක් කළ අතර, එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ, මෙලෙස හෝමාගම සිට ගමන් අරඹන බස්රථ ප්‍රමාණය අඩුවීමට විශේෂ හේතුවක් නොමැති බවයි. කෙසේ වෙතත් නියමු ව්‍යාපෘතියක් ලෙසින් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට 138 බස් රථ සේවා ක්‍රියාත්මක කිරීම සඳහා පෙර කී අයුරින් බස් රථ 12 ක් යවා ඇති බව ඇයි මෙහිදී තහවුරු කළාය. එසේම මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පියවර ගන්නා බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.
ඡායාරූපය - අද (03) උදෑසන හෝමාගම ප්‍රධාන බස් නැවතුම්පළේ 138 හෝමාගම - පිටකොටුව බස් රථ ගාල් කරන ප්‍රදේශය එකදු බස් රථයක් හෝ නොමැතිව දිස්වුණු ආකාරය.
Video Story