උපත ලබලා තිබෙන නැකත, හරි නැකතක් නෙමෙයි – විදුලි ඇමති රවී කියයි

    April, 5, 2019

    විදුලිබල මණ්ඩලය හා මහජන උපයෝගීතා අතර පවතින ගැටුමට හේතුව, එම ආයතන උපත ලබා තිබෙන නැකතේ දෝෂයක් බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අද දින කැලණිතිස්ස විදුලිබලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේ දී මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එසේම මෙම ආයතන දෙක අතර තිබෙන ප්‍රශ්න නිවැරදි කිරීමක් අවශ්‍ය බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

    ප්‍රශ්නය - විදුලිබල මණ්ඩලය හා මහජන උපයෝගීතා කොමිෂං සභාව අතර පවතින ගැටුම කුමක්ද? මෙය බලපෑවේ නැද්ද මේ ප්‍රශ්නයට?

    පිළිතුර - ඒක මම හිතන්නේ, ඒ නැකත, හරි නැකතක් නෙමෙයි උපත ලබලා තියෙන්නේ. එතන යම් විදියෙන් ප්‍රශ්න තිබෙනවා. ඒක නිවැරදි කිරීමක් කරන්න අවශ්‍යයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    “ලංකා විදුලිබල මණ්ඩලයත්, අපේ අමාත්‍යාංශයත්, මමත් පෞද්ගලිකව සමාව භාජනය කරනවා වගේම, අප්‍රේල් මාසයේ 10 වෙනිදා සිට ආයෙත් එවැනි විදුලි ඇනහිටීමක් ඇති නොවන විදියට කටයුතු කිරීම අපි සියලු දෙනාම භාර අරන් තිබෙනවා.“