April, 5, 2019
මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලට අනුව Navesta පෞද්ගලික සමාගමේ දෙවන ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හොරණ මිල්ලෑව ප්‍රදේශයේ දී අද (05) පෙරවරුවේ සිදු කෙරිනි.
ආයෝජන මුදල රුපියල් මිලියන 800 කි. තරුණ තරුණියන් 60 කට රැකියා හිමිවෙයි. ප්‍රතිජීවක ඖෂධවල බෙහෙත් පෙති සහ කරල් මෙම කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනය කිරීමට නියමිතය.
Navesta පෞද්ගලික සමාගමේ ප්‍රථම කර්මාන්ත ශාලාව මේ වන විට ප්‍රතිජීවක ඖෂධ වර්ග 12 ක් නිෂ්පාදනය කරන අතර, එම ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට ලබාදෙයි. පළමු කර්මාන්ත ශාලාව තුලින් තරුණ තරුණියන් 140 කට රැකියා අවස්ථා හිමිව ඇත. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමග ඖෂධ නිෂ්පාදනය කිරීම සදහා දෙස් විදෙස් සමාගම් 36 ක් ගිවිසුම් අත්සන් කර ඇති අතර, අද දින (05) මුල්ගල් තබනු ලැබුයේ 11 වන කර්මාන්ත ශාලාව ඉදිකිරිම සදහායි.
මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර, Navesta පෞද්ගලික සමාගමේ සභාපති සංජය ජයරත්න මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Video Story