ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයාගේ දරුවන් තිදෙනා කොළඹ ප්‍රහාරයෙන් මරුට

    April, 22, 2019

    ලොව ඉහළම පෙළේ ධනවතෙකු වන 46 හැවිරිදි Anders Holch Povlsen ගේ දරුවන් සිව්දෙනාගෙන් තිදෙනෙකු, ඊයේ (21) දින කොළඹ සුඛෝපභෝගී හෝටලයකට එල්ල වූ ප්‍රහාරයෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

    ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා වන Anders Holch Povlsen, එක්සත් රාජධානියේ හා ස්කොට්ලන්තයේ වැඩිම ඉඩම් ප්‍රමාණයකට හිමිකම් කියනු ලබන පුද්ගලික ඉඩම් හිමියා ද වේ. මොහුට හිමි සමස්ත ඉඩම් ප්‍රමාණය අක්කර 220,000 කට අධික බව පැවසේ.

    තවද ලොව දැවැන්ත රෙදිපිළි අලෙවි ජාලයක් වන Bestseller හි තනි අයිතිකරුවා වන තවත් වෙළෙඳ ජාලයක් වන Asos.com  හි විශාලතම කොටස් හිමියා ද වන අතර මොහුගේ සමස්ත වත්කම්වල වටිනාකම යූරෝ බිලියන 4.5 ක් බව සඳහන් වේ.