April, 22, 2019
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ උපදෙස් පරිදි කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු හෙට (23) උදෑසන 10.30 ට ආරම්භ කෙරෙන බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී සිටී.
මේ අතර පූර්ව වෙන්දේසි සැසිය (Open Auction Call) පෙරවරු 9.00 සිට පෙරවරු 10.30 දක්වා පැවැත්වෙන බව මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සාමාන්‍ය වශයෙන් ආරම්භ වන්නේ උදෑසන 9.30 ට වන අතර මේ අනුව හෙට දිනයේ දී ගනුදෙනු ආරම්භය පැයක කාලයකින් ප්‍රමාද වනු ඇත.
ඊයේ (21) කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයකම වාර්තා වුණු ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවත් සමඟම අද (22) දින කොටස් වෙළෙඳපොළ වසා දැමීමට බලධාරීන් විසින් කටයුතු කරන ලදී.
Video Story