සෞදි ගුවන්සේවයේ දෙදෙනෙකු ගැන තවම තොරතුරක් නැහැ

    April, 23, 2019

    පසුගිය දා කොළඹ දී සිදු වූ ප්‍රහාර මාලාවෙන් පසු සිය කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු පිළිබඳ මේ දක්වා කිසිදු තොරතුරක් වාර්තා වාර්තා වී නැතැයි සෞදි ඇරබියන් ගුවන් සේවය පවසයි.

    ට්ටිටර් පණිවුඩයක් තබමින් සෞදි ඇරබියන් ගුවන්සේවා සමාගම පවසන්නේ මෙහිදී තුවාල ලැබූ සිය කාර්ය මණ්ඩල සාමාජිකාවක් කොළඹ රෝහලක ප්‍රතිකාර ගන්නා බවයි.

    වාර්තා වන අන්දමට සෞදි ඇරබියන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය නවාතැන් ගෙන ඇත්තේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේය.