සියලු රජයේ විශ්වවිද්‍යාල නැවත දැනුම් දෙනතුරු වසා තැබේ

    April, 23, 2019

    ශ්‍රී ලංකාවේ සියලූම රජයේ විශ්වවිද්‍යාල තවදුරටත් වසා තැබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂං සබපාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වැඩිදුරටත් පවසන්නේ විශ්වවිද්‍යාල යළි ආරම්භ කෙරෙන දිනය පසුව දැනුම් දෙන බවයි.

    මේ අතර පැවැත්වීමට තිබුණු සියලු විශ්වවිද්‍යාල විභාගද මේ අනුව යළි දැනුම්දෙනතුරු කල් දමා ඇත.