අද තියෙන්නේ ගෝලීය ත්‍රස්තවාදයක්. ප්‍රහාර කිහිපයක් තිබුණා. කොටසක් අපි නවත්වා ගත්තා – අගමැති පාර්ලිමේන්තුවේ දී කියයි

    April, 23, 2019

    වර්තමානයේ දී පවතින්නේ ගෝලීය ත්‍රස්තවාදයක් බවත්. ශ්‍රී ලංකාවද ගෝලීය ත්‍රස්තවාදයේ කොටසක් ලෙස ඇතුල් වී ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.

    “මේ ත්‍රස්තවාදී ක්‍රියා කළ අය ගෝලීය ත්‍රස්තවාදයේ කොටසක්. මෙය මීට පෙර තිබුණු ආකාරයට වඩා වෙනස්. එදා ත්‍රස්තවාදය දේශපාලන අරමුණක්. අද තියෙන්නේ ගෝලීය ත්‍රස්තවාදයක්. මේක තාම ඩිස්නි වර්ල්ඩ් එකේ වෙලා නැහැ. එහෙම වුණාම ඒ අයට තේරෙයි.“

    “ගෝලී ය ත්‍රස්තවාදී දර්ශකයට අනුව ජාතිවාදය පදනම් කර ගත් ත්‍රස්තවාදයට වඩා ආගයම පදනම් කර ගත් ත්‍රස්තවාදය ඉදිරියට ඇවිල්ලා. සංවිධානාත්මක දීර්ඝ ත්‍රස්තවාදයක්. මෙවැනි ප්‍රහාර කිහිපයක් සකස් කර තියෙනවා. මෙකෙන් කොටසක් අපි නවත්වා ගෙන තියෙනවා. “