April, 29, 2019
පාස්කු ඉරිදා ඛේදජනක ප්රහාරයන්ගෙන් පසුව පරීක්ෂණ කටයුතු සහ රට යථා තත්ත්වයට ගෙන ඒම සඳහා ජනාධිපති ට්‍රම්ප් තම සහයෝගය ප්‍රකාශ කරන ලදී.
ශ්‍රී ලංකා රජය මෙම ඉරිදිපත් වීම පිළිගත් අතර, පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීම, අපරාධ පරීක්ෂණ පැවැත්වීම සහ අධිකරණ විශ්ලේෂණ කටයුතුවල දී එක්සත් ජනපද කණ්ඩායම් ශ්‍රී ලාංකික හවුල්කරුවන් සමඟ ඉතා සමීව කටයුතු කරමින් සිටී.
සියලු කාර්යයන් ශ්‍රී ලාංකික බලධාරීන්ගේ ඉල්ලීම මත හා ඔවුන්ගේ සම්බන්ධීකරණය යටතේ සිදුවේ.
මෙම සහයෝගීතාව කෙටි කාලීන, තාවකාලික හා මෑත දී කරන ලද පහරදීම් සහ විශේෂයෙන් අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒම සඳහා පමණක් සිදුවන්නකි.
(මෙය ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයකි.)
Video Story