සංචාරකයින් පැමිණීමේ දී ගුවන්තොටුපළ ආගමන අංශය කළමනාකරණය කළ යුතු අයුරු ධම්මික කියයි

    April, 29, 2019

    ශ්‍රී ලංකාව තුළට සංචාරකයින් පැමිණීමේ දී ගුවන්තොටුපළේ ආගමන අංශය කළමනාකරණය සඳහා පුද්ගලයන් යෙදවිය යුතු බවත් එසේ නැතහොත් ලංකාව තුළට පැමිණීමේ දී ඔවුන් එහිදීම අතෘප්තියට පත් වනු ඇති බවත් වැලිබල් වන් සමූහයේ සභාපති ධමිම්ක පෙරේරා මහතා පවසයි. අද (29) දින සංචාරක කර්මාන්තයට සම්බන්ධ ව්‍යාපාරිකයින් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති හමුවක දී ධම්මික පෙරේරා මහතා මේ බව පැවසීය.

    “Immigration එකේ තියෙන මැෂින්වල capacity එක අඩුයි කම්පියුටරේ. ස්කෑන් එකේ ටයිම් එක ගන්නවා. ඉස්සරහා තියෙන queue management එක දැන් දාලා තියෙන්නේ සිංගප්පූරු විදියට නෙමෙයි, single queue එකේ ගිහිල්ලා යන්න. එතකොට queue management මිනිස්සුන්ව දාන්න ඕනේ, එයාර්පෝට් එකෙන්, ඒ ඉස්සරහා Queue වලට. මේ ටික ඉවර කළොත් මං හිතන්නේ 30%-40% ක් විතර මේ immigration එක හදන්න පුළුවන්. නැත්තං මිනිස්සු එනකොටම immigration එකෙන්ම depress වෙනවා මේ වගේ වෙලාවක.“

    මේ අතර මෙම සාකච්ඡාවේ දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කියා සිටියේය.

    “Immigration එක තාම ලින්ක් වෙලා නැහැ CID database එකට. ඉන්ටර්පෝල් එකට ලින්ක් වෙලා නැහැ. ඒ නිසා කිව්වා ඊළඟ දවස් 3-4 දී ඉන්ටර්පෝල් එකට ලින්ක් වෙන්න. Border security එකටත් link වෙලා නැහැ. අපි කැබිනට් එකෙන් අනුමත කළාට, කවුරුවත් කැමති නැහැ තමන් එක්ක තියෙන තොරතුරු අනෙක් මිනිහට දෙන්න. දැන් ඒකත් බල කර ගෙන යනවා, අපහු අදාළ ඇමතිවරු කැඳවලා,  Border security දෙන්න. එතන දී එක එක ප්‍රශ්න ඇති වෙන්න යනවා. තව සුමානයක් දවස් 10 ක් විතර ප්‍රශ්න ඇති වෙයි මේක ලින්ක් කරන එක.“