May, 2, 2019
2016 අංක 03 දරන සේවකයන්ගේ අවම වේතනය පනත යටතේ 2016 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ සේවයේ නියුතු සේවකයින්ගේ අවම මාසික වැටුප රුපියල් 10,000/- ක් සහ අවම දෛනික වැටුප රුපියල් 400/-ක් විය යුතු බවට නියම කර තිබේ.
වර්තමානයේ පවතින ජීවන වියදමට ගැළපෙන පරිදි පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයින්ගේ අවම මාසික වැටුප රුපියල් 12,500/- ක් සහ අවම දෛනික වැටුප රුපියල් 500/-ක් විය යුතු බවට ජාතික කම්කරු උපදේශක සභාව නිර්දේශ කරනු ලැබ ඇත.
එම නිර්දේශ සැලකිල්ලට ගෙන පෞද්ගලික අංශයේ සේවයේ නියුතු සේවකයින්ගේ වැටුප ඉහළ නැංවීම සඳහා 2016 අංක 3 දරන සේවකයින්ගේ අවම වේතනය පනත සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ නොවන කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story