May, 2, 2019
මෑතකදී සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරය වැනි ත්‍රස්තවාදී කටයුතු ඉදිරියේදී ඇති වීම වැළැක්වීමේ අරමුණින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිත කරමින් ගුවන්සේවා ලබා ගන්නා මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස අවශ්‍ය කඩිනම් පියවර ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.
එහි එක් පියවරක් ලෙස මගී ගමන් මළු සහ භාණ්ඩ පරීක්ෂා කිරීමේ නවීන තාක්ෂණයෙන් යුත් උපකරණ මිල දී ගෙන ස්ථාපිත කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story