May, 2, 2019
අද වන විට රටේ ආරක්ෂාව මෙන්ම ආර්ථිකයත් ඛේදනීය ලෙස පහළ වැටී ඇති බවත්, පවතින වාතාවරණය තුළ ව්‍යාපාරිකයින්, ඔවුන්ගේ ව්‍යාපාර ඉදිරියට පවත්වා ගෙන යාම පිළිබඳව අවිනිශ්චිතතාවකට පත්වී ඇති බවත් කොළඹ ව්‍යාපාරික සංගමය පවසයි. රටේ වත්මන් තත්ත්වය පිළිබඳ අදහස් දැක්වීමට කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී කොළඹ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ මහතා මේ බව පැවසීය. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ව්‍යාපාරිකයින්ගේ ණය ගෙවීම සඳහා පොළියක් නොමැතිව වසරක සහන කාලයක් ලබා දෙන ලෙස වගකිව යුතු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවයි.
“ආර්ථිකය කඩා වැටීම සම්බන්ධයෙන් කිසිදු වගකිව යුතු පාර්ශවයකගෙන් මේ වන තෙක් විසඳුම්, වැඩපිළිවෙලක් අපි දැක්කේ නැහැ. කොළඹ ව්‍යාපාරික ප්‍රජාව විදියට රජයට කෙටුම්පතක් යෝජනා කළා. දැනට රට තුළ සියලුම ව්‍යාපාරිකයින්ට ආර්ථික වශයෙන් එල්ල වී ඇති කරුණු 12 ක් සඳහන් කර තියෙනවා. ඒ සඳහා යෝජනාත් ඉදිරිපත් කර තිබෙනවා.“
“රජයට ගෙවීමට ඇති බදු මුදල්, බැංකු ණය, ෆිනෑන්ස් වාරික ගෙවාගන්න බැහැ. අප්‍රේල් 12 වනදා ව්‍යාපාර නතර කළා. අද මේ වන කොට කිසිම ආදායමක් නැහැ. මේ ව්‍යාපාර සමඟ බැඳිලා තිබෙන අනෙකුත් බාහිර සාධක, ප්‍රවාහන ක්ෂේත්රය, සංචාරක කර්මාන්තය, සහ අනෙකුත් සියලු දෙනා අසරණ වෙලා අද.“
“රජයේ අමාත්‍යාංශ තිබෙනවා, ආපදා, සමාජ සංවර්ධන, සමාජ සුභසාධන, මේ වගේ අමාත්‍යාංශවලට අවුරුද්දකට අයවැයෙන් මුදල් ප්‍රමාණයක් වෙන්කරනවා. මේකත් විශාල ආපදාවක්. ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට පුළුවන් මේ වෙලාවේ , ඒ වෙන්කරලා තියෙන මුදල් යොදවලා ආර්ථිකය ගොඩගන්න වැඩපිළිවෙලක් හදන්න. සියලු දෙනා එකතු වෙලා ආර්ථිකය ගොඩගන්න වැඩපිළිවෙලක් හදන්න ඕනේ. ඒ සඳහා අපි සියලු දෙනා ජනතාව විදියටත්, ව්‍යාපාරිකයින් විදියටත්, වෘත්තීයවේදීන් විදියටත්, එකට එකතු කරගෙන මේ සඳහා යෝජනාවලියක් අපි සකස් කර තිබෙනවා.මේ යෝජනාවලිය ජනාධිපතිතුමන්ට, අගමැතිතුමන්ට, මුදල් ඇමතිතුමන්ට, මහ බැංකු අධිපතිට භාර දීලා තියෙනවා.“
“මේ වන විට ව්‍යාපාරිකයින් අරගෙන තියෙන ණය වාරික සඳහා, වාහනවල ලීසිං වාරික සඳහා, අපිට අතිරේක කාලයක් දෙන්න, ව්‍යාපාර නැවත තිබුණ තත්ත්වයට ගන්න නම් වසරකවත් කාලයක් ගතවෙයි කියලා හිතනවා. අපි යෝජනා කරනවා ණය ගෙවීම සඳහා පොළියක් නොමැතිව වසරක grace period එකක් ලබා දෙන්න. එසේ නැතහොත් අප සමඟ සාකච්ඡා කරලා ඒ වෙනුවෙන් කාලයක් රජය ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.“
Video Story