කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය ජනපතිට පිළිගන්වයි

    May, 6, 2019

    ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගිය දා (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීය.

    ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ඩබ්ලිව්.අයි සිරිවීර මහතා විසින් එම ප්‍රකාශය ජනාධිපතිතුමා වෙත පිළිගැන් වූ අතර එහි උප සභාපති (ප්‍රතිපත්ති) ආචාර්ය බී.වී. ගුණවර්ධන, උප සභාපති (සැලසුම්) ආචාර්ය පී.ඒ. පියසිරි යන මහත්වරුන් සහ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසමේ සභාපති මහාචාර්ය දයන්ත විජේසේකර මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.