ඊළඟ මාස දෙකේ දී ආරක්ෂාව සම්පූර්ණයෙන් තහවුරු කර පෙර තිබුණු තැනට සංචාරක ව්‍යාපාරය ගෙනයන්න බලාපොරොත්තු වෙනවා – කිෂූ

    May, 6, 2019

    එළඹෙන මාස 02 තුළ දී රටේ පවතින ආරක්ෂක තත්ත්වය සම්පූර්ණයෙන් තහවුරු කරමින් පෙර තිබුණු ප්‍රවණතාවයට සංචාරක ව්‍යාපාරය ගෙන යා හැකි බවට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් මහතා පවසයි. අද දෙරණ වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් මහතා,

    “මේ වෙන කොට විශාල කඩා වැටීමක් අපි දකිනවා. මේක සාමාන්‍ය දෙයක්. ප්‍රතිශතයක් විදියට ගන්නවා නම් 70%ක වගේ ඇණවුම්වල නැවතීමක්, එසේ නැතිනම් පසුගබෑමක් තිබෙනවා.“

    “මේ තත්ත්වය එහෙම තියෙද්දී, දිනපතා සංචාරකයන් 1,800 ක් 2,000 ක් වගේ ප්‍රමාණයක් එනවා ලංකාවට. මේක සුභවාදී දෙයක්.“

    “මේ එන අය එන්නේ ලංකාවේ තිබෙන ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙලා.“

    “මේ වෙන කොට අපේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඉතාමත් හොඳින් මේ තත්ත්වය පාලනය කරමින් පවතිනවා.“

    “අපි බලාපොරොත්තු වෙනවා, ඊළඟ මාස 02 තුළ, අපට මේ රටේ තියෙන ආරක්ෂක තත්ත්වය සම්පූර්ණයෙන් තහවුරු කරලා, කලින් තිබුණු ප්‍රවණතාවයට සංචාරක ව්‍යාපාරය ගෙනයන්න.“

    “වසර අවසානයේ දී පසුගිය වසරට සාපේක්ෂව බැලුවාම 20%-30% ක පසුබෑමක් පමණයි අපිට ඇතිවෙන්නේ“