ශ්‍රීලංකන් ප්‍රතිව්‍යූහත කිරීමේ යෝජනා නොපමාව ක්‍රියාත්මක කරන්නැයි ජනපති කියයි

    May, 8, 2019

    ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව නිර්දේශ ලබාගැනීම පිණිස ජනාධිපතිවරයා විසින් එරාන් වික්‍රමරත්න රාජ්‍ය අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුත් විද්වත් කමිටුවක් පත් කරන ලද අතර එකී කමිටුව විසින් ඒ පිළිබඳ ප්‍රතිපත්තිමය නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

    එම කමිටුව විසින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ මූල්‍ය ප්‍රතිව්‍යූහගත කිරීම, ආයතනික ප්‍රතිව්‍යූහගත කිරීම, ඵලදායී ක්‍රමෝපායික සැලසුමක් හා ව්‍යාපාර මෙහෙයුම් ආකෘතියක් සම්පාදනය කිරීම, මානව සම්පත ප්‍රතිව්‍යූහගත කිරීම, ස්වාධීන ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සහතික කරවීම, සන්නාම ප්‍රවර්ධනය සහ ක්‍රියාවන් උපයෝජනය කිරීම යනාදී අංශ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

    ඒ අනුව යෝජිත නිර්දේශ නොපමාව ක්‍රියාත්මක කිරීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.