එමිරේට්ස් සමූහය 2018-19 ලාභ ප‍්‍රකාශයට පත්කරයි

    May, 16, 2019

    එමිරේට්ස් සමූහය විසින් පිට පිටම 31 වන වසර සඳහාත් සිය ලාභ සහ ශක්තිමත් ව්‍යාපාරික පුළුල් කිරීම පිළිබඳව නිවේදනය කර ඇත.

    2019 මාර්තු 31 වනදායින් අවසන් වන මූල්‍ය වසර තුළදී එමිරේට්ස් සමූහය ඩිරාම් බිලියන 2.3 ක (ඇමරිකානු ඩොලර් මිලියන 631 ක& ලාභයක් වාර්තා කර තිබෙන අතර මෙය එයට පෙර වසරට සාපේක්‍ෂව 44% කින් අඩුවීමකි. මෙහිදී, සමූහයේ ආදායම ඩිරාම් බිලියන 109.3 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 29.8 ක්& වී තිබෙන අතර එය පෙර වසරට වඩා 7% ක වර්ධනයකි. මෙම මූල්‍ය වසර තුළදී සමූහයේ මූල්‍ය ශේෂය ඩිරාම් බිලියන 22.2 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 6.0 ක්& වී තිබෙන අතර මෙය පෙර වසරට වඩා 13% ක අඩුවීමකි. මේ සඳහා ප‍්‍රධාන වශයෙන්ම බලපා තිබෙන්නේ ව්‍යාපාරය සඳහා සිදුකළ විශාල ආයෝජනයන් සහ පෙර වසර වෙනුවෙන් ලාභාංශ ලෙස ඩිරාම් බිලියන 02 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 545 ක්& ගෙවීමයි.

    සමූහයේ සමස්ත ලාභය සලකා ඩිරාම් මිලියන 500 ක (ඇමරිකානු ඩොලර් මිලියන 136 ක& ලාභාංශයක් සමූහය විසින් 2018-19 වසර සඳහා ඩුබායි ඉන්වෙස්ට්මන්ට් කෝපරේෂන් වෙත ප‍්‍රකාශයට පත්කර තිබේ.

    මෙම ගිණුම් වාර්තා පිළිබඳව අදහස් දක්වමින් එමිරේට්ස් සමූහයේ සහ එමිරේට්ස් ගුවන් සේවයේ සභාපති හා ප‍්‍රධාන විධායක නිලධාරී ෂික් අහමඞ් බින් සයීඞ් අල් මක්ටුම් මහතා මෙසේ පැවසීය. ‘2018-19 ඉතාමත් දුෂ්කර වසරක්. අපි බලාපොරොත්තු වූ පරිදි මේ වසරේදී ප‍්‍රතිඵල ලැබුණේ නෑ. තෙල් මිල ඉහළ යාම, ඇමරිකානු ඩොලරය ශක්තිමත්වීම වගේම අපේ ප‍්‍රධාන වෙළඳපොළවල තරඟය වැඩිවීම මෙයට හේතුවුණා. ඒ වගේම, පෙර වසරේදී ගුවන් භාණ්ඩවල තිබූ වර්ධනය මේ වසරේදී යළිත් අඩුවුණා. විශේෂයෙන්ම අපේ කළාපයේ තිබුණේ දුර්වල ගමන් ඉල්ලූමක්. මේ නිසා, මෙය dnata සහ එමිරේට්ස් සමාගම් දෙකටම බලපෑවා.’

    2018-19 මූල්‍ය වසරේදී සමූහය අළුත් ගුවන් යානා සහ උපකරණ මිලදීගැනීමට, සමාගම් අත්පත් කරගැනීමට, අළුත් පහසුකම් ගොඩනැගීමට, නව තාක්ෂණයට සහ කාර්ය මණ්ඩල වැඩසටහන් සඳහා ඒකාබද්ධව ඩිරාම් බිලියන 14.6 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 3.9 ක්& ආයෝජනය කර තිබේ. මෙය පෙර වසරේදී සිදුකළ ආයෝජන වියදම් වලට සාපේක්ෂව ඩිරාම් බිලියන 9.0 ක (ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක& වර්ධනයකි.

    පසුගිය පෙබරවාරි මාසයේදී එමිරේට්ස් විසින් එයාර්බස් සමාගම සමග ඩොලර් බිලියන 21.4 ක් වටිනා A330-900 සහ 30 A350-900 ගුවන් යානා 40 ක් මිලදී ගැනීමට ගිවිසුම් ගතවූ අතර මෙම ගුවන් යානා සමාගම වෙත 2021 සහ 2024 වර්ෂ වලදී ලැබෙනු ඇත. මේ අතර, 2019 වසරේ සිට 2021 වසර අවසන් වනතුරු එමිරේට්ස් වෙත A380 ගුවන් යානා 14 ක් ලැබෙන අතර මේ සමග සමූහය විසින් ඇනවුම් කර තිබෙන A380 ගුවන් යානා ප‍්‍රමාණය 123 ක් දක්වා ඉහළ යයි.

    සලකා බලන මූල්‍ය වසර තුළදී සමූහයට අනුබද්ධ සමාගම් 120 කටත් වැඩි ප‍්‍රමාණයේ සමස්ත කාර්ය මණ්ඩලය 2% කින් පමණක් වැඩිවී 105,286 ක්වී තිබේ. මෙම වර්ධනයට හේතුවී තිබෙන්නේ dnata සමාගම විසින් සිදුකළ අළුත් අත්පත් කරගැනීම් සහ ජාත්‍යන්තර ව්‍යාපාරික පුළුල් කිරීමයි.

    එමිරේට්ස් ගුවන් සමාගමේ කාර්ය සාධනය

    ප‍්‍රධාන වෙළඳපොළවල තිබෙන දැඩි තරඟකාරීත්වය අභිබවමින් එමිරේට්ස් සමාගම සලකා බලන මූල්‍ය වසර තුළදී සිය ආදායම් 6% කින් ඩිරාම් බිලියන 97.9 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 26.7 ක්& දක්වා වර්ධනය කර ගැනීමට සමත්ව ඇත. මේ අතර, එමිරේට්ස් සමාගමේ ප‍්‍රධාන වෙළඳපොළවල බොහෝ මුදල් ඒකක වලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරය ශක්තිමත්වීම නිසා ඩිරාම් මිලියන 572 ක (ඇමරිකානු ඩොලර් මිලියන 156 ක& සෘණාත්මක බලපෑමක් ගුවන් සමාගමේ ලාභයට සිදුවී ඇති අතර පෙර වසරේදී ඩිරාම් මිලියන 661 ක (ඇමරිකානු ඩොලර් මිලියන 180 ක& ධනාත්මක විනිමය බලපෑමක් ඇතිවිය.

    සලකා බලන මූල්‍ය වසර තුළදී අධික ඉන්ධන මිල ගණන්, තරඟකාරීත්වය වර්ධනය වීම, අයහපත් විනිමය බලපෑම යන කරුණු හමුවේ එමිරේට්ස් ගුවන් සමාගමේ ලාභය ඩිරාම් මිලියන 871 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 237 ක්& වූ අතර එය පෙර වසරට වඩා 69% කින් ලාභය අඩුවීමකි. ලාභ ආන්තිකය 0.9% ක් බවට පත්වී තිබේ.

    මෙම මූල්‍ය වසරේදී ගුවන් සමාගමේ සමස්ත මගී හැසිරවීම මිලියන 58.6 ක් වෙමින් ශක්තිමත් මට්ටමක තිබූ අතර ආසන ධාරිතාවයේ වර්ධනය 4% ක්වී ඇත.

    මේ අනුව, එමිරේට්ස් ගුවන් සමාගම මෙම මූල්‍ය වසර අවසන් කර තිබෙන්නේ ඩිරාම් බිලියන 17.0 ක (ඇමරිකානු ඩොලර් බිලියන 4.6 ක& මුදල් වත්කම් ප‍්‍රමාණයක් වාර්තා කරමිනි.

    එමිරේට්ස් ව්‍යාපාරික කටයුතු කරන කළාප 06 තුලින් ලද ආදායම මෙම කාල සීමාවේදී මනා සමබරතාවයකින් තිබෙන අතර සමස්ත ආදායම සඳහා කිසිදු කළාපයක් විසින් 30% කට වැඩි ආදායමක් එකතු කර නොමැත. සලකා බලන මූල්‍ය වසරේදී වැඩිම ආදායමක් උපයා දී තිබෙන්නේ යූරෝපීය කළාපයෙන් වන අතර එය ඩිරාම් බිලියන 28.3 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 7.7 ක්& වෙමින් පසුගිය වසරට වඩා 6% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. දෙවැනියට නැගෙනහිර ආසියානු සහ ඕස්ටේ‍්‍රලියානු කළාපය පැමිණෙමින් ඩිරාම් බිලියන 26.6 ක (ඇමරිකානු ඩොලර් බිලියන 7.2 ක& ආදායමක් උපයා දී තිබෙන අතර එය පසුගිය වසරට සාපේක්ෂව 5% ක ආදායම් වර්ධනයකි. ඇමරිකානු කළාපය තුළින් සමූහය ඩිරාම් බිලියන 14.5 ක (ඇමරිකානු ඩොලර් බිලියන 3.9 ක& ආදායමක් ලබා තිබෙන්නේ 8% ක වර්ධනයක් පෙන්නුම් කරමිනි. මේ අතර, අප‍්‍රිකානු කළාපය මගින් ලැබූ ආදායම 9% කින් වර්ධනය වෙමින් ඩිරාම් බිලියන 10.2 ක (ඇමරිකානු ඩොලර් බිලියන 2.8 ක& ආදායමක් වාර්තා කර තිබෙන අතර ගල්ෆ් සහ මැදපෙරදිග කළාපය තුළින් සමූහය ඩිරාම් බිලියන 8.3 ක (ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක& ආදායමක් ලබා තිබෙන අතර එය 3% ක ආදායම් පහළ යාමකි. මේ අතර, බටහිර ආසියාව සහ ඉන්දියානු සාගර කළාපයෙන් ඩිරාම් බිලියන 8.1 ක (ඇමරිකානු ඩොලර් බිලියන 2.2 ක& ආදායමක් වාර්තා කර තිබෙන්නේ 6% ක වර්ධනයක් පෙන්නුම් කරමිනි.

    එමිරේට්ස් ස්කයිකාර්ගෝ අංශය ඉතාමත් තරගකාරී වෙළඳපොළක් තුළ ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරමින් ගුවන් සමාගමේ සමස්ත ප‍්‍රවාහන ආදායම් වලින් 14% ක් නියෝජනයට සමත්ව ඇත.

    ඉල්ලූම අඩුවීම හමුවේ ගුවන් භාණ්ඩ වෙළඳපොළේ ආදායම් වලට පීඩනයක් ඇතිවී තිබුණත් එමිරේට්ස් කාර්ගෝ අංශය විසින් සලකා බලන මූල්‍ය වසරේදී ඩිරාම් බිලියන 13.1 ක (ඇමරිකානු ඩොලර් බිලියන 3.6 ක& ආදායමක් වාර්තා කර තිබෙන්නේ පසුගිය වසරට සාපේක්ෂව 5% ක වර්ධනයක් වාර්තා කර ගනිමිනි. සලකා බලන වර්ෂය තුළදී ගුවන් සමාගම විසින් ප‍්‍රවාහනය කළ භාණ්ඩ ටොන් ප‍්‍රමාණය 1% කින් සුළු වශයෙන් වර්ධනය වී ටොන් මිලියන 2.7 ක්වී තිබේ.