ලංකා IOC මුල් පුටුවෙන් ශ්‍යාම් බෝරා ඉල්ලා අස්වෙයි

    May, 21, 2019

    ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් බෝරා මහතා ඊයේ (20) දින සිට බලපැවැත්වෙන පරිදි අදාළ තනතුරින් ඉල්ලා අස් වී ඇත.

    මේ සම්බන්ධයෙන් ලංකා IOC සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, ශ්‍යාම් බෝරා මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කළමනාකාර අධ්‍යක්ෂ තනතුර සඳහා මනෝජ් කුමාර් ගුප්තා මහතා පත් කර ඇති බවයි.

    2019 මාර්තු 31 න් අවසන් මූල්‍ය කාර්තුව වෙනුවෙන් රුපියල් මිලියන 938 ක බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට ලංකා IOC සමාගම සමත් වී තිබිණ.