May, 22, 2019
ආයතනික යහපාලන භාවිතයන් ශක්තිමත් කිරීම, නිසි බලතල පැවරීම, සාමූහික තීරණ ගැනීමේ යාන්ත්‍රණය හා අභ්‍යන්තර පාලන යනාදී කරුණු මුල්කර ගනිමින් ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වල උපරිම කොටස් හිමිකාරීත්වය සීමා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැලසුමක් හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කෙටුම්පත් කර ඇති මෙම ප්‍රධාන සැලසුමට අනුව වසර 5 ක් තුළ දී බලපත්‍රලාභී මූල්‍ය සමාගමක උපරිම කොටස් අයිතිය 25% ක් දක්වා සීමාකරලීමට යෝජනා වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ බව මෙරට බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වල සියලූම පාර්ශවකරුවන් වෙත මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් මීට අදාළ ඔවුන්ගේ නිරීක්ෂණ 2019 ජූනි 14 දිනට පෙර ලබා දෙන ලෙස දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් කෙටුම්පත් කර ඇති වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ තිබෙන බලපත්‍රලාභී මූල්‍ය සමාගම් හිමිකාරීත්වය විවිධාංගීකරණය කර ඇත්තේ සමාගම් 3 ක පමණි. තවද කොටස්කරුවන් දෙදෙනෙක් පමණක් සිටින සමාගම් සංඛ්‍යාව 2 කි. ප්‍රධාන කොටස් හිමියා සහ සම්බන්ධිත පාර්ශව විසින් පාලන බලය හිමි සමාගම් ගණන 8 කි. සමාගම් 30කම පාලනය රැඳී ඇත්තේ 50%ක් ඉක්මවූ හිමිකාරීත්වයක් සහිත ප්‍රධාන කොටස්කරුවා සතුවය.
කෙසේවෙතත් මෙම නියාමන අවශ්‍යතාවයන් විවිධ තත්ත්වයන්වල දී වෙනස් වී ඇත. එහිදී බැංකුවක අනුබද්ධ සමාගමක් නම් මෙලෙස අයිතිය විවිධාංගීකරණය කිරීමේ අවශ්‍යතාවය ඊට පැන නොනඟින අතර, එම මූල්‍ය සමාගම අදාළ බැංකුව සමඟ එකාබද්ධවීම සිදුකළ යුතුවේ. එසේම තවත් බලපත්‍රලාභී මූල්‍ය සමාගමක අනුබද්ධ සමාගමක් නම් එය වසර 2020 වන විට එක් සමාගමක් බවට පත්විය යුතුවේ.
ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ඇමුණුම පහතින් දැක්වේ.



Video Story