May, 28, 2019
ජීවිත රක්ෂණ ව්‍යාපාරික කටයුතු ශක්තිමත්ව වර්ධනය වීම සහ ආයෝජන වලින් ලැබූ ඉහළ ලාභ හේතුවෙන් 2019 පළමුවන කාර්තුවේදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ සමස්ත ආදායම රුපියල් බිලියන 7.17 ක්වී තිබෙන අතර එය පෙර වසරේ මුල් කාර්තුවට සාපේක්ෂව 10.7% ක වර්ධනයකි.
මේ අනුව, මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්‍රමුඛයා විසින් අදාළ කාර්තුව තුළ ඉපැයූ රක්ෂණ වාරික ආදායම 07% කින් රුපියල් බිලියන 4.276 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර ආයෝජන ආදායම් 16.4% කින් වර්ධනය වී රුපියල් බිලියන 2.897 ක්වී තිබේ. එසේම, 2019 මුල් කාර්තුව තුළදී සමාගමේ ශුද්ධ ආදායම රුපියල් බිලියන 7.041 වී තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාර්තුවට සාපේක්ෂව 10.7% ක වර්ධනයකි.
මේ අතර, 2018 දෙසැම්බර් 31 වනදා සිට සමාගමේ සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 9.512 කින් හෙවත් 08% කින් වර්ධනය වෙමින් 2019 මාර්තු 31 වනදා වනවිට රුපියල් බිලියන 127.571 ක්වී තිබේ. එසේම, සමාගමේ ජීවිත අරමුදල මෙම කාලයේදී රුපියල් බිලියන 1.33 කින් වර්ධනය වී රුපියල් බිලියන 89.379 ක්වී ඇත.
සලකා බලන කාර්තුව තුළදී සෙලින්කෝ ලයිෆ් විසින් රුපියල් බිලියන 2.389 ක ශුද්ධ හිමිකම් සහ ප්රතිලාභ ගෙවා තිබෙන අතර එය 2018 මුල් කාර්තුව තුළ ගෙවූ රුපියල් බිලියන 2.076 ක මුදලට සාපේක්ෂව 15.1% ක වර්ධනයකි.
සමාගම විසින් මෙම කාර්තුව තුළදී බදු වලට පෙර රුපියල් බිලියන 1.85 ක ලාභයක් සහ රුපියල් බිලියන 1.363 ක ශුද්ධ ලාභයක් වාර්තා කර තිබෙන අතර මෙය පෙර වසරේ අදාළ කාර්තුවට සාපේක්ෂව පිළිවෙලින් 38% ක සහ 52% ක අඩුවීමකි.
සමාගම අනාවරණය කර තිබෙන්නේ 2019 පළමු කාර්තුව තුළදී රුපියල් බිලියන 1.1 ක මුදලක් කොටස්කරුවන්ගේ ලාභ වෙත පේ‍්‍රෂණය කර තිබෙන බවයි.
සලකා බලන කාර්තුව තුළදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ ශුද්ධ ලාභය සඳහා ආදායම් බදු තුන් ගුණයකින් වැඩිවීම බලපෑ අතර 2018 පළමු කාර්තුවේදී රුපියල් මිලියන 169.9 ක්වූ ආදායම් බදු ගෙවීම් 2019 පළමු කාර්තුවේදී රුපියල් මිලියන 487.4 ක් දක්වා වර්ධනය වී තිබේ. මෙම වර්ධනය රුපියල් මිලියන 317.5 හෙවත් 186% ක ප්‍රමාණයක් වන අතර මෙයට හේතුවී තිබෙන්නේ 2018 අපේ‍්‍රල් 01 වනදා සිට ක්‍රියාත්මක වූ නව බදු නීතියයි.
‘නව බදු නීති සහ ගණකාධිකරණ ක්‍රමවේදයන් නිසා ඇතිවූ බලපෑම් තොරව බැලූවිට මෙම කාර්තුව තුළදී සමාගම ශක්තිමත් මෙහෙයුම් වර්ධනයක් ලබා තිබෙනවා. එය අපව දිරිගන්වන සුළුයි,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ, තුෂාර රණසිංහ මහතා පැවසීය. ‘කෙසේවෙතත්, 2019 අපේ‍්‍රල් මාසයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම් නිසා ජීවිත රක්ෂණ අංශය ඇතුළු සියළුම ව්‍යාපාර වලට බලපෑමක් සිදුවී තිබෙනවා. නමුත්, අභියෝගයන්ට මුහුණදීමේ අනන්‍ය වූ ශක්තියක් සෙලින්කෝ ලයිෆ් සතු නිසා මෙම අභියෝග ජයගත හැකියැයි අපට විශ්වාසයි.’
2018 වසර අවසන් වනවිට සෙලින්කෝ ලයිෆ් සමාගමේ වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 118 ක්වූ අතර සමස්ත ආදායම රුපියල් බිලියන 29.21 ක්ද, රක්ෂණ වාරික ආදායම රුපියල් බිලියන 17.8 ක්ද, ජීවිත අරමුදල රුපියල් බිලියන 88.05 ක්ද, ආයෝජන කළඹේ වටිනාකම රුපියල් බිලියන 103.74 ක් ඉක්මවාද, ශුද්ධ ලාභය රුපියල් බිලියන 5.79 ක්ද විය.
2019 වසරේදී ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් බ්රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සම්මාන ලැබූ සෙලින්කෝ ලයිෆ් 2018 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් පිට පිටම පස්වන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සහ ස්ලිම්-නීල්සන් විසින් පිට පිටම 13 වසරක් මෙරට වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සම්මානයට පාත්රකර තිබේ. එසේම, සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 31 තුළ වසර 15 ක්ම මෙරට ජීවීත රක්ෂණ අංශයේ ප්‍රමුඛයා බවට පත්වීමට සමාගම සමත්වී තිබේ. සෙලින්කෝ ලයිෆ් සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.
Video Story