කොටස් වෙළෙඳපොළෙන් විශාල ගනුදෙනුවක්. හැටන් වැවිලි සමාගමේ වැඩි අයිතිය රුපියල් බිලියනයකට විකිණෙයි

    May, 28, 2019

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වැවිලි සමාගමක් වන හැටන් ප්ලාන්ටේෂන් පීඑල්සී හි 51% ක කොටස් අයිතිය අද (28) දින ලෝටස් රිනීවබල් එනර්ජි (පුද්) සමාගම විසින් අත්පත් කර ගනු ලැබීය.

    මෙහිදී හැටන් ප්ලාන්ටේෂන් සමාගමේ ප්‍රධාන කොටස් හිමියා වූ එස්ටේට් මැනේජ්මන්ට් සර්විසස් (පුද්) සමාගම විසින් තමන් සතුව තිබූ 75.65% ක කොටස් හිමිකාරීත්වයෙන් 51% ක් අලෙවි කරන ලදී. එස්ටේට් මැනේජ්මන්ට් සර්විසස් යනු සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අනුබද්ධ සමාගමකි.

    ඒ අනුව හැටන් ප්ලාන්ටේෂන් සමාගමේ කොටස් 120,700,002 ක් රු. 8.30 බැගින් ගනුදෙනු වූ අතර මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රු. 1,001,810,016.00 කි.