May, 28, 2019
මෙරට සංචාරය කිරීමේ දී සිය වැසියන්ට කර තිබූ අනතුරු ඇඟවීම ලිහිල් කිරීමට ස්විස්ටර්ලන්ත රජය විසින් පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවට අනවශ්‍ය සංචාරයන් සිදුකිරීමෙන් වළකින්නැයි තම වැසියන්ට තවදුරටත් නොකියන බව පවසමින්, ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිවරයා වන Hanspeter Mock විසින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා ඇත.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කාලසීමාව තුළ දී තම ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ අවධානයක් තබා ගත යුතු බව ඔහු විසින් සංචාරකයින් වෙත අවධාරණය කර සිටී.
🇨🇭@travel_edadfae no longer advises to avoid unnecessary travel to #LKA, while stressing that travelers should maintain a high level of personal security during their stay in the country. https://t.co/80v9pkhssC @MFA_SriLanka #Sltourism pic.twitter.com/xmHLV8gFlp
— Ambassador Hanspeter Mock (@SwissAmbLKA) May 28, 2019
Video Story