May, 30, 2019
වෘත්තිය පුහුණු කටයුතු සංවර්ධනය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන බාධා ඉවත් කිරීම සහ තාක්ෂණික සහය සැලසීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යුරෝ මිලියන 11ක තාක්ෂණික ආධාර ලබා දීම සඳහා ජර්මානු රජය විසින් එකඟතාව පළ කරනු ලැබ ඇත.
එයින් යුරෝ මිලියන 7ක මුදලක් මාතර හා කිලිනොච්චියේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල වෘත්තීය පුහුණු කටයුතු සංවර්ධනය කිරීම සඳහාත් තවත් යුරෝ මිලියන 3.5ක මුදලක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ගෝලීය තරඟකාරිත්වය වර්ධනය කිරීම සඳහාත් වන වැඩසටහනක් සඳහා යෙදවීමට අපේක්ෂිතය.
මෙම යුරෝ මිලියන 11ක තාක්ෂණික ආධාර ලබාගැනීම සඳහා ජර්මනිය සමඟ ගිවිසුමකට එළඹීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story