ප්‍රතිපත්ති පොළී අනුපාතික පහත දමන්න මුදල් මුදල් මණ්ඩලය තීරණය කරයි

    May, 31, 2019

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2019 මැයි මස 30 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.50 සහ සියයට 8.50 දක්වා පදනම් අංක 50 කින් අඩු කිරීමට තීරණය කළේය.

    මැදි කාලීනව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායි ලෙස පවත්වා ගැනීම මගින් ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟාවීම සඳහා සහාය වීමේ පුළුල් අරමුණ ඇතිව, දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, දේශීය මූල්‍ය වෙළඳපොළ තුළ මෙන්ම, ගෝලීය ආර්ථිකයේ වර්ධනයන් මනාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.