පාස්පෝට් ගාස්තු හෙට සිට ඉහළට. එක්දින ගාස්තුව 15,000/- යි. අනෙක් ගාස්තු වැඩිවෙන්නේ මෙහෙමයි

    May, 31, 2019

    2019 අයවැය යෝජනා ප්‍රකාරව විදෙස් ගමන් බලපත්‍ර සඳහා වන ගාස්තු 2019 ජූනි 01 (හෙට) සිට සංශෝධනය කෙරේ.

    මේ අනුව සාමාන්‍ය සේවාව යටතේ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අයකරනු ලබන ගාස්තුව රු. 3,000 සිට රු. 3,500 දක්වා ඉහළ යනු ලබන අතර එක් දින සේවාව යටතේ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ දී ගෙවිය යුතු ගාස්තුව රු. 10,000 සිට රු. 15,000 ක් දක්වා ඉහළ යනු ඇත.

    තවද විදෙස් ගමන් බලපත්‍රයක වෙනස්කම් කිරීමේ දී එක් වෙනස්කමක් සිදුකිරීම සඳහා අයකරනු ලබන ගාස්තුව රු. 500 සිට රු. 1,000 දක්වා ඉහළ නංවා ඇත.

    එමෙන්ම වයස අවුරුදු 15ට අඩු දරුවන්ට වසර 03ක් වලංගු ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා සාමාන්‍ය සේවාව යටතේ අය කළ ගාස්තුව රු. 2,000 සිට රු. 2,500 දක්වා ද, එක්දින සේවාව යටතේ අයකරනු ලබන ගාස්තුව රු. 5,000 සිට රු. 7,500 දක්වා ද වැඩි වී තිබේ.

    (ඉහත සඳහන් ග්‍රැෆික් සටහන ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනුණකි.)