May, 31, 2019
ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා බලපැවැත්වෙන නියාමනයන්ට අනුකූල වීමට නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමට අඛණ්ඩවම නොහැකි වීම සලකා බලමින්, ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගම ප්‍රාථමික අලෙවිකරුවකු වශයෙන් සිදු කරනු ලැබිය හැකි ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2019 මැයි මස 31 වැනි දින ප. ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2019.05.30 දින පවත්වන ලද මුදල් මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී.
මෙම නියාමන ක්‍රියාමාර්ගය රජයේ සුරැකුම්පත් වෙළඳපොල කටයුතු කෙරෙහි අගතිදායක ලෙස බල නොපාන බවට සහතික වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ඇත. තවද නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමෙහි ගණුදෙනුකරුවන්ගේ සහ ප්රතිපාර්ශවයන්ගේ හිමිකම්වලට හානි නොවන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ද නිසි පරිදි ගනු ඇත.
Video Story