මහවැලි පොල් 11%කින් ගණන් යයි

    June, 3, 2019

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරුණු නවතම සමාගම වන මහවැලි කොකනට් ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් සමාගමේ ද්විතීයික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (03) ආරම්භ විය .

    හඳුන්වා දීමේ ක්‍රමවේදය අනුව ලැයිස්තුගත කෙරුණු මෙම සමාගම 2019 වසරේ දී කොටස් වෙළෙඳපොළේ ලැයිස්තු ගත කළ පළමු සමාගම වේ. රු. 13.00 ක හඳුන්වා දීමේ මිලෙහි සිට මෙම සමාගමේ කොටස් ගනුදෙනු ආරම්භ වූ අතර පළමු භාගය තුළ දී රු. 1.50 කින් කොටස් මිලෙහි ඉහළ යාමක් වාර්තා වී තිබිණි. මෙය 11.54% ක වර්ධනයකි.

    කෙසේ වෙතත් ප්‍රමාණවත් කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වී නොතිබුණු අතර මධ්‍යහ්න 12.00 වන විටත් ගනුදෙනු වී තිබුණේ කොටස් 120 ක් පමණි. මහවැලි කොකනට් ප්ලාන්ටේෂන්ස් සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 490 ක් වන අතර එය සමස්ත කොටස් වෙළෙඳපොළෙන් 0.02% ක් තරම් ඉතා කුඩා අගයයක් නියෝජනය කරනු ලබයි.